දරුවන් අවලස්සනයි කියා බිරිඳට නඩු දාලා

Published in විදෙස්
Saturday, 02 August 2014 12:25

තම ලෙයින් උපදින දරුවන් කවර ආකාරයේ වුවත් භාරගන්නට මව්පියන් සූදානම්ය.

නමුත් චීනයේ ජුවාන් ෆෙන්ග් නමැත්තෙකු තම බිරිය තමාට ලබා දුන් දරුවන් අසාමාන්‍ය ලෙස අවලස්සන වීමට එරෙහිව නඩුමඟට ගිය අයෙකි.
ඒ අනියම් ඇසුරක හුටපටයක් නිසා නොවේ. ප්ලාස්ටික් සැත්කමක් නිසා වූ අලකලංචියකි.

මෙයට හේතු වූයේ, මෙම පුද්ගලයා විවාහ වූ කාන්තාව විවාහයට පෙර අවලස්සනව සිටියදී ප්ලාස්ටික් සැත්කමකින් පසු අලංකාර පෙනුමකට පත්වීමත් එය වසන් කරගෙන ඔහු හා විවාහ විමත්ය.

මොවුන් දරුවන්ද ලද පසු කිසියම් හේතුවක් නිසා දික්කසාදවූ අතර පසු කලෙක ඔහු දැනගෙන ඇත්තේ ඇය පෙනී සිටින්නේ ඇගේ සැබෑ පෙනුමින් නොව ප්ලාස්ටික් මුහුණකින් බවය.

ඔහු ඇයට පැවරූ දික්කසාද නඩුවට අමතරව තමාට සැබෑ රුව වසන් කර විවාහවී කැත දරුවන් ලබාදුන්නැයි දෙවන නඩුවද ගොනු කළේ මේ නිසාය.

එම නඩුවෙන් ජුවාන් ෆෙන්ග් ජයග්‍රහණය කළ බව චීන මාධ්‍ය වාර්තා කරයි.


(ලංකා පුවත්)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us