කුඩා ගුවන්යානයක් වොෂින්ටන් හිදී කඩාවැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් මියගොස් තිබේ.
අධික උණුසුමෙන් හජ් වන්දනාවට ගිය වන්දනාකරුවන් 6ක් මිය යයි
සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි.
රුසියාවේ වත්කම්, රුසියාවට එරෙහිව යොදා ගනිමින්, යුක්රේනයට යුද ආධාර වශයෙන් ලබා දීමට, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවේදී එකඟත්වයක් ඇති කර ගැනුණි.
කුවෙට් හි ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට
දකුණු කුවේටයේ මන්ගාෆ් නගරයේ කම්කරුවන් වාසය කරන ගොඩනැගිල්ලක ඊයේ (12) සිදු වූ ගින්න හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.
කුවෙට් රාජ්‍යයේ ගොඩනැගිල්ලක ගින්නක්, මේ වන විටත් 41ක් මරුට
කුවෙට් රාජ්‍යයේ ගොඩනැගිල්ලක හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එහි සේවකයන් 41 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මලාවි රාජ්‍යයේ උපජනාධිපති සෝලෝස් චිලීමා රැගත් ගුවන් යානය අතුරුදන් වී ඇත.
මැතිවරණයට දින තීන්දු කරමින් ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හරි !
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
බ්‍රසීලයේ පවතින ලොව විශාලතම තෙත්බිම් කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි සිදුවී ඇති බව චන්ද්‍රිකා දත්ත මගින් අනාවරණය වී තිබේ.
