අලුත් ආණ්ඩුවට අමරිකාවේ,යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ සහය සහතික වෙයි ! Featured

Published in පුවත්
Monday, 17 December 2018 15:46

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපති - ඇලේනා ටෙප්ලිට්ස් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදි හා ව්‍යවස්ථානුකූල දේශපාලන වර්ධනය පිළිබඳ අමෙරිකාව සතුටු වෙන බව පවසනවා.

එහි දී ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දු පැසිෆික් කලාපයේ අප සතු වටිනා සහායකයෙක්. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා රජය හා පුරවැසියන් අතර බැඳීම් හා සබඳතා තවදුරටත් පවත්වාගෙන යන්න. යනුවෙන් ද සඳහන්.

මේ අතර ශ්‍රී ලංකාව පැවති දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූලව ලබා දුන් සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම පිළිගන්නා බව යුරෝපා හවුලේ ශ්‍රී ලංකාවේ නියෝජිතායතනය පවසනවා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිමත් බව අගය කරන අතර සියලු ජාතීන් අතර ජාතික සංහිඳියාව හා සෞභාග්‍යය වෙනුවෙන් වූ කාර්යභාරයට තවදුරටත් අඛණ්ඩ සහාය ලබා දෙන බව යුරෝපා හවුල තවදුරටත් පවසනවා.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රෙිලියානු මහ කොමසාරිස් නිවේදනයක් නිකුත් කරමින් දිගුකාලීන මිත්‍රත්වයක් ඇති ඉන්දියානු සාගර කලාපයේ අසල්වැසි රාජ්‍යයන් දෙකක් ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් සතුටු වෙමි.යි පවසනවා. ශ්‍රී ලංකාවේ සාමය, සංහිඳියාව හා සෞභාග්‍යය ස්ථාපිත කිරීමට සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගැනීම වෙනුවෙන් තවදුරටත් අඛණ්ඩව සහය ලබා දෙමි. යනුවෙන්ද ඔහු පවසා සිටිනවා.

sss

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us