දිලිත්ගේ ටොම් පච.. ' වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් ලංකාවට ' Featured

Published in පුවත්
Monday, 28 January 2019 09:46

දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීරට අයත් අරුණ නම් පත්තර පඩංගුවේ මුල් පිටුවේ “ වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් එයි” නමින් පලවූ පුවතක් පලවී තිබූ අතර එම පුවතෙන් සදහන් වී තිබුනේ වට්සැප් හා වයිබර් හා අනෙකුත් සමාජ ජාල යෙදුම් හරහා යවන පණිවිඩ වලට සවන්දිය හැකි හා එම යෙදවුම් වල පණිවිඩ යැවීමේ සේවාව අඩපණ කිරීමේ හැකියාවක් ඇති උපකරණ වත්මන් රජය විසින් නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය හරහා මිලදී ගැනීමට සැරසෙන බවයි.

මේ පුවත මුලුමනින්ම සාවද්‍ය බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහයේ ( SRI LANKAN TRANSLATION COMMUNITY) සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.. ඒ අනුව,

මෙම පුවත සදහා ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස පැවසීමට ඇත්තේ මෙලෙස වට්සැප් වයිබර් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා යවන පණිවිඩ වලට සවන්දිය හැකි උපකරණ ලෝකයේ කොහෙවත් නොමැති බවත් එම පණිවිඩ වලට සවන්දිය හැක්කේ පණිවිඩය ලබන්නාත් සහ එම පණිවිඩ යවන යෙදුම අයත් සමාගමට පමණක් බවය. තවද මෙවැනි පුවත් ඉදිරිපත් කිරීමේදී ඒ පිලිබදව සොයාබලා ඉදිරිපත් කරන ලෙසත් සාවද්‍ය පුවත් ඉදිරිපත් කර සාමාන්‍ය ජනයා අනිසි ලෙස බියගැන්වීමට ලක් නොකරණ ලෙසද සියලුම මාධ්‍යවේදීන්ගෙන් පරිවර්තන සමුහය ඉල්ලා සිටී.

යම්හෙයකින් රජය විසින් යම් යම් දුර සිමා පරාසයන්හි දුරකථන තරංග,රේඩියෝ තරංග අවහිර කිරීමට ජෑමර් මිලදී ගැනීමකට සැරසෙන්නේ නම් එය මාධ්‍ය නිදහසට එල්ල කරනා තදබල ප්‍රහාරයක් ලෙසත් මිනිස් මූලික අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් ඔවුන් පෙන්වා දෙයි. . මෙම ජෑමර් මගින් සිදුකළ හැක්කේ ඒ අවට අවකාශය හරහා ගමන් කරන ඉලෙක්ට්‍රොනික තරංග වලට බාධා පැමිණ වීම පමණක් බවත් එය වැරදි ලෙස අර්ථකථනය නොකරණ ලෙසත් පරිවර්තන සමූහය ඉල්ලා සිටී.

කෙසේ නමුත් දෙරණ මාධ්‍ය ජාලය ජාතිවාදය සහ ආගම්වාදය පතුරුවමින් රාජපක්ෂවරුන් වෙනුවෙන් ටොම්පච නිර්මාණය කරමින් රට අවුලෙන් අවුලට පත් කරන කූට ව්‍යාපාරයක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. රාජපක්ෂ සමයේදී රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි සුදු කිරීමේ ප‍්‍රධාන මෙහෙයුම්කරුවකු වන දිලිත් ජයවීර යනු කොටස් වෙලඳ පොළ ජාවාරම් කරුවකු ලෙසද කූප්‍රකට අයෙකි.
මේ තක්කඩියන් මොන දේ කළ ඒ ඉවසාගෙන වෙන දෙයක් බලාගෙන සිටින කොන්ද පණ නැති ආණ්ඩුවක් පැවැතීම නිසා. දිලිත් ජයවීරලාට ඕනෑම කුප්ප වැඩක් කර යහතින් සිටීමේ හැකියාවද ලැබී තිබේ. ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස මංගල සමරවීර ද දැන් කටයුතු කරමින් සිටින්නේ දේශපාලනය කිරීමේ වුවමනාව අත් හැර දමින් බවද පෙනෙන්ට තිබේ. රාජ්‍ය මාධ්‍ය ආයතන හෝ රාජ්‍යයේ වුවමනාවන් වෙනුවෙන් හෝ නිසි පරිදි පවත්වාගෙන යෑමට අසමත් වීම ද දැන් පෙනෙන්නට තිබෙන සත්‍ය කාරණාවකි.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us