ලංකාවේ දූෂිතම ආයතනය මගනැගුම..! දෙතුන් පැත්තෙම අය වවාගෙන කනවා. Featured

Published in පුවත්
Wednesday, 30 January 2019 12:34

මහා මාර්ග ඉදිකිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහා මාර්ග ඇමැතිවරයාවේ සිටි සමයේදී ඇතිකරන ලද මග නැගුම ආයතන ත්‍රිත්වය වර්තමානය වන විට මෙරට දූෂිතම රාජ්‍ය සමාගම් බවට පත්ව තිබේ. රාජපක්ෂ සමයේදී පටන් මෙම සමාගම් අතිශය දූෂිත ආයතන වූ අතර .එම දූෂිත ක්‍රමවේදයම අදත් එලෙසම පවත්වගෙන යෑමට සියලු බලධාරීන් හා නිළධාරීන් කටයුතු කරමින් තිබේ.

රාජපක්ෂ සමයේදී මගනැගුම යන්ත්‍රෝපකරණ හා ඉදිකිරීම් ආයතනයේ ගනු දෙනු හරහා සිදුව තිබෙන දූෂිත ගනු දෙනු වල වටිනාකම අවම වශයෙන් රුපියල් බිලියන 50 ඉක්මවන තරම් බව එම සමයේදී විගනකාධිපතිවරයාගේ වාර්තා සලකා බැලුව විට පැහැදිලිව පෙන්නුම් කරයි. 2014 වසරේදී පමණක් රුපියල් බිලියන 28 ක අක්‍රමිකතාවයක් සිදුව ඇති බවත් විගනකාධිපතිවරයා හෙළි කරගෙන තිබිණි. කූප්‍රකට දෙණියාය මාළිගයද ඉදි කරනු ලැබුවේ මෙම මග නැගුම ආයතනයේ දේපොළ සහ මුදල් වලින් බව එවකට ද හෙළි විය. එය රුපියල් මිලියන 300 කට ආසන්න මුදලක් බවටද තොරතුරු දැන ගැනිමට තිබේ. නමුත් එම සත්‍ය තොරතුරු වසා දමා තිබේ. යහපාලන ආණ්ඩුවද මෙම අක්‍රමිකතා කිසිවක් ගැන සොයා බලා විමර්ශන නොකිරීමට වග බලා ගත්තේය.

2015 න් පසුව මහමාර්ග විෂය බාර ඇමැතිවරුන්ද මෙම මඟ නැගුම ආයතනය යොදා ගත්තේ තම තමන්ගෙ හෙංචයියන්ට නිකම් ඉඳලා පඩි ගෙවන රැකියා දීමටත් හිතවතුන්ට කොන්ත්‍රාත් ලබා දී අයුතු ලෙස ලාබ ඉපැයිමටත් , දැවැන්ත පරිමාණයෙන් හොරකම් කිරීමටත්ය. ‌මේ කාලය තුලදීත් රුපියල් බිලියන 23 ක දූෂිත ගනු දෙනු සිදුව ඇති බවට තොරතුරු ‌‌හෙළිව තිබිණි.

RDA නිලධාරීනුත් හවුල්

විශේෂයෙන්ම මඟ නැගුම ආයතනය සමඟ සෘජුව ගනු දෙනු කරන මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) නිලධාරීන් ගනනාවක්ම මෙම දුෂිත ගනුදෙනුවලට හවුල්ව තිබේ. මග නැගුමේ ඉහළ නිළධාරීන් සියලු දෙනාම පාහේ දූෂිතයන් වන අතර අවංකව කටයුතු කරන අතලොස්සක් නිලධාරීන් කිහිප දෙනාට මරණීය තර්ජනය කරමින් ඔවුන්ව වැලක් වීමට තරම් එම දූෂිත නිලධාරී එකතුව සමත්ව තිබේ.

ලොකු හොරාට ලොකු පු‍ටුවක්

මෑත කාලයේ මග නැගුම ආයතන සිදුවී දූෂිත ගනු දෙනුවලට සෘජුවම හවුල් වූවෙක් වන්නේ මෙහි වත්මන් වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා වන උදිත විදානගමආරච්චි නම් පුද්ගලයාය. එම තනතුරට පත් වීමට ප්‍රථම මග නැගුම ඉදිකිරීම ආයතනයේ නියොජ්‍ය සාමාන්‍යාධිකාරී ( ව්‍යාපෘති ) ලෙස ඔහු කටයුතු කළ අතර සියලුම දූෂිත ගනු දෙනු ඔහුගේ මෙහෙය වීම යටතේ සිදුව තිබේ . එම දූෂිතයාව මෑතකදී සාමාන්‍යාධිකාරී තනතුරට පත් කර ගැනීමට අදාල දේශපාලන බලධාරින් කටයුතු කර ඇත.. ඊට එකම හේතුව ඔහු හරහා මෙම දේශපාලන බලධාරීන්ටද ලොකු ලොකු කොමිස් කුට්ටි අතට පත් වීමය.

සාමාන්‍යයෙන් ක්‍රම වේදය වන්න මාර්ග සංවර්ධන අධිකාරියට ලැබෙන මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් , මග නැගුම ආයතකයට පවරා එම කටයුතු සිදු කිරීමය. එහිදී ව්‍යාපෘතියෙන් සියයට 28 ක ලාභ ප්‍රතිශ්තයක් මග නැගුමට ලැබෙයි. නමුත් මගනැගුම ඉහළ නිලධාරීන් දැන් කරමින් සිටින්නෙ ආයතනය්ට ලැබෙන මෙම කොන්ත්‍රාත් පිටස්තර හිතවත් කොන්ත්‍රාත් කරුවන්ට ලබා දීමය. එමඟින් මග නැගුමට ලැබෙන ලාබය අහිමිව යන අතර කොන්ත්‍රාත් කරුවන් වෙත ඉහළ ලාභයක් ලබා ගැනීමේ හැකියාව විවර කර දී තිබේ..ඒ හරහා එක් එක් කොන්ත්‍රාත් කරුවන්ගෙන් විශාල ලෙස කොමිස් මුදල් ලබා ගැනීම සිදු කරයි. විශාල ‌ලෙස ලාබ ලැබීමේ හැකියාව තිබෙන ‌මෙම ආයතනය බං‌කොලොත් වීමට ‌හේතුව මෙයය. එ‌සේම එම ගනු දෙනු අතර මඟදී විටින් විට රාජකාරිමය කටයුතු සිදු කිරීම වෙනුවෙන් නැවත අල්ලස් ඉල්ලා සිටීම ද නිළධාරීන් සිදු කරනු ලබයි. ඒ ගැන, මග නැගුමේ සම්බන්ධීකරණ ඉංජිනෙරුවකු ලෙස කටයුතු කරන ගමගේ නම් නිලධාරියා ප්‍රසිද්ධ චරිතයකි.

ජරාවක් කන්න ගොස් මාට්‍ටු වීම

මේ දූෂිත නිලධාරීන් විසින් සිදු කෙරනු ලබන අති විශාල දූෂිත ගනු දෙනුවක් පසුගියදා අනාවරණය කර ගැනීමට හැකිව තිබිණි..ඒ මඟ නැගුමේ උප කොන්ත්‍රාත් කරුවකු ලෙස ලියාපදිංචි වී කටයුතු කළ 'අසනි කන්ස්ට්‍රක්ෂන්' නම් ආයතනයෙන් වැඩිපුර අල්ලස් මුදල් ඉල්ලීමට යෑම නිසා එම ‌කොන්ත්‍රාත් කරු ඒ සම්බන්ධයෙන් කළ පැමිණිල්ල්ලක් හේතුවෙනි. එම ආයතනය 'සිරිපුර'මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට අදාලව හිමි විය යුතු රු මිලියන 18 කට ආසන්න ඉතිරි මුදල් ලබා ගැනීම ඉල්ලුම් කිරීමෙදී උදය විදානගමආරච්චි විසින් එම මුදල ලබා දීමට නම් එම මුදලෙන් සියයටට් 3 ක කොමිස් මුදල් ඉල්ලා තිබේ. එම මුදල ලබා දිය යුතු ආකාරයත් එසේ ලබා දිය යුතු පුද්ගලයාවත් ඔහු විසින් නම් කර ඇත. ඊට එකඟ වී කොන්ත්‍රාත් කරුවා අල්ලස් මුදල් ලබා දිය යුතු පුද්ගලයා වූ ඇන්ටන් ක්‍රිශාන්ත ද සිල්වා තානාපති නම් මගනැගුම ආයතනයේ මුලය අංශයේ ආදායම් නිලධාරියා වන මොහු සමඟ අදාල අල්ලස් මුදල ලබා දීම සම්බන්ධයෙන් කතිකා කරගෙන ඇත. ( රුපියල් හතලිස් දහසක පමණ මාසික වැටුපක් ලබන්නකු වූවත් පසුව කළ විමර්ශන වලදී මොහු මිලියන හාර පන්සීයක මුල්‍ය වත්කමක් සහිත අයෙකු බවද හෙළිව තිබේ.)

එහෙත් බලපොරොත්තු වූ ලෙසින් අල්ලස් මුදල් නිසි වෙලාවට ඉල්ලු ප්‍රමාණය නොලැබීමෙන් ..උදය විදනගම ආරච්චි උරණව ඇති අතර කොන්ත්‍රාත් කරුවාට ඒ සම්බන්ධයෙන් තර්ජනය කිරීමක්ද සිදු කර තිබේ.. ඒ අනුව කොන්ත්‍රාත් කරුවා මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ. ඒ අනුව සිදු කෙරුණු විමර්ශනයේදී ආයතනයේ තවත් ඉහළ නිධාරීන් ගනනාවක් මෙම අල්ලස් ජාවාරමට හවුල්ව ඇති බවත් තහවුරු කර ගැනිමට හැකිව තිබේ..

අල්ලස් කොමිසමේ මඟ හැරීම

තවත් මෙවැනි අල්ලස් හා දුෂණ පැමිණිලි ගනනාවක් අල්ලස හෝ දුෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත්ව තිබෙන නමුත් එම පැමිණිලි විමර්ශනය කිරීම ප්‍රමාද වෙමින් පැවැතීම ගැන චෝදනාද එල්ල වෙමින් පවතී.. ඇතැම් පැමිණිලි කරුවන් පවසා සිටින්නේ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන්ද මේ දූෂිතයන්ගේ මුදලට යට වී මෙම විමර්ශන වුවමනාවෙන්ම ප්‍රමාද කරවන බවයි.

FCID එකෙත් හොරු

එසෙම මුල්‍ය අපරාධ කොට්ඨාෂයට සිදු කරනු ලැබූ පැමිණිලි වල තත්වය මීට වඩා ශෝචනීය බවද මොවුන් පෙන්වා දෙයි. එම කොට්ඨාෂයේ විමර්ශන නිලධාරීන් මෙම දූෂිතයන් හා සම්බන්ධව සමීපව කටයුතු කරන බවටද තොරතුරු හෙලිව ඇත..මග නැගුම ආයතනයේ විගනන අංශය, මුල්‍ය අපරාධ කොට්ඨාෂය ට ලබා දී තිබු රහස්‍ය වාර්තා ගනනාවක් පසුව චූදිතයන් අතටම පත්වන තරමට මෙම ගනු දෙනු සමීපව තිබේ.
මේ තත්වය මත මග නැගුමේ අවංක නිලධාරීන් මෙම දූෂණ වංචා හෙලිදරව් කර ගැනිමට අදිමදි කිරීමත් සොයා ගත් තොරතුරු අදාල වගකිව යුතු ආයතනවලට ලබා දීමටත් මැලි වීම සිදුව තිබේ.

කැප්ටන් තිස්සගේ තර්ජන

පසුගිය රාජපක්ෂ සමයේදී සිදුවූ මිලියන 36 ක පමණ වංචාවක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාෂයට තොරතුරු ලබා දුන් නිලධාරියකුට පසුගිය ඔක්තොබර් 26 වෙනි දින සිදුවූ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසු දිනම මරණීය තර්ජනයට ලක්වීමේ අවස්ථාවක්ද ඇතිව තිබිණි. එම තර්ජන එල්ල කළ චූදිතයා රාජපක්ෂ සමයේදී සිදුවූ මිනිස් ඝාතන ගනනාවක් සම්බන්ධයෙන් නම කියැවුණු මහින්ද රාජපක්ෂගේ රියැදුරු කැප්ටන් තිස්ස නැමැත්තා ‌ගේ ‌ගෝල බාලයන්ගෙනි. පූර්වේ වාසනාවකට මෙම නිලධාරියා තවමත් ජීවතුන් අතර නමුත් යම් හෙයකින් රාජපක්ෂ්වරුන්ට බලය අත්පත් කර ගත හැකිවී නම් මේ නිලධාරීන්ට ජීවත් වීමේ අවස්ථාවක් නොලැබෙනු ඇත.

හොරා කාපුව බිලියන 100 පනී

මග නැගුම ආයතනය අරම්බයේ සිටම මෙතෙක් සිදුව් ඇති දූෂිත ගනු දෙනුවල ප්‍රමාණය අවම වශයෙන් රුපියල් බිලියන 100 ඉක්මවා ඇති බවට සැකයක් නැත. මෙම ආයතනයේ කිසිදු ගනුදෙනුවක් නියමිත රෙගුලාසි අනුව හෝ කිසිදු ලියකියවිල්ලක ‌හෝ නැතුව සිදුව තිබෙන අවස්ථා බහුලය. ඒ බව විගනකාධිපතිවරයාගේ වාර්තා අනුව පැහැදිලිය. එමෙන්ම පාර්ලිමේන්තුවේ කෝප් කමි‍ටු වාර්තා අනුවද දූෂිත ගනු දෙනු රැසක් ගැන තොරතුරු හෙලිව තිබිණි. නමුත් මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

එනෙක් ප්‍රධාාන ගැටලුවක්ව පවතින්නේ මෙම දුෂිත ගනු දෙනු සම්බන්ධයෙන් අධිකරණමය පියවරයන් ගත්තද .මඟ නැගුම ආයතනය පිහි‍ටු වීම සම්බන්ධයෙ ඇති ව්‍යාකූලතාවය නිසා මෙහි අයිතිය රජයට තිබෙන වාද යන ගැටලුව හමුවේ මේ ජාවාරම්කාර දූෂිත නිලධාරීන්ට නිතියෙන් රිංගා යැමට අවස්ථාවක් උදා වී තිබීමය..එම කරුණ තවමත් නිසියාකාරව නිවැරදි කිරීමට හෝ දේශපාලන අධිකාරිය කටයුතු කර නොමැත...ඊට හේතුව වන්නෙත් මෙම ආයතනය මෙලෙස අවුල් සහගතව පත්වාගෙන යෑම තුල දේශපාලන අධිකාරියේ දූෂිතයන්ටද මිලියන් ගනනින් කොමිස් මුදල් ලැබීමය.

ණය ගෙවන්නේ මහජනතාවයි

මග නැගුමේ කටයුතු සඳහා යොදවන්නේ ජනතා බදු මුදල් හෝ විදේශයන්ගෙන් ණයට ගන්නා මුදල්ය.. ඒ සියල්ල අවසානයේ ගෙවනු ලබන්නෙ මෙරට මහ ජනතාවය. වසරකට මේ රටේ පොහොර සහනාධාරය වෙනුවෙන් රජය බිලියන 40 කට ආසන්න මුදල් වැය කරයි..මග නැගුමේ නිලධාරීන් හා බලධාරීන් කිහිප දෙනෙකු සිදු කරන වාර්ෂික අයතා ගනු දෙනු වල ප්‍රමාණයත් ඒ හා සමාන අගයක්ව තිබේ. මේ මොන ජාතික අපරාධයක්ද යන්න ඒ අනුව සිතා ගත හැක.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා දූෂිත විරෝධියකු ලෙස පසුගිය කාලයෙ පෙනී සිටියද මේ දූෂණ වංචා ගැන ඇහැක් හැර බලා නැත. වත්මන් ආණ්ඩුවටද ඒවා නිවැරදි කිරීමේ උවමනාවක් නැත. අද පවතින්නේ කණගා‍ටුදායක මජර තත්වයකි. මහජනයා හරි හම්බකරන මුදල් ගසා කන මේ කාලන්ණින්ට හෙණ ගහපන් කියා කීවාට කාටවත් පව් පිරෙන්නෙ නැත. මන්ද මේ සිදුකරන දේ ඒ තරමට සහගහන අපරාධ නිසාය.

(මඟ නැගුමේ තවත් වංචා දුෂණ ගනනාවක් ගැන අදාල සක්ෂි සහිතව අප වෙත ලැබී තිබේ. ඒ අනුව අදාල නිලධාරීන්ද දේශපාලන බලධාරීන්ද අප ඉදිරියේදී හෙලි කෙරීමට අප අපේක්ෂාවෙන් පසු වෙමු.)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us