Windows 7 මෙහෙයුම් පද්ධතිය සදහා සහය දැක්වීම් තව මාස හයයි.

Published in පුවත්
Tuesday, 16 July 2019 10:25

2009 වසරේ නිකුත් කරන ලද මයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතිය 2020 ජනවාරි 14 වන දින විශ්‍රාම යාමට නියමිතය. ලොව පුරා වැඩිපුරම භාවිතා වන දෙවන පරිගණක මෙහෙයුම් පද්ධතිය ලෙස දිගටම පවතින වින්ඩෝව්ස් 7 Service Pack 1 ස්ථාපනය කර ඇති පරිගණක සඳහා 2015 ජනවාරි 13 වන දින ප්‍රධාන ධාරාවේ සහාය අවසන් විය

.Service Pack 1 නොමැති වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය හට 2013 අප්‍රේල් 9 සිට සහාය මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් නොලැබුනු අතර කෙසේ වෙතත්, වින්ඩෝව්ස් 7 Service Pack 1 වෙත සහාය ලබාදීමක් ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ආරක්ෂක යාවත්කාලීනයන් ලබාදුන්නද මෙම යාවත්කාලීනයන් තුල කිසිදු නව අංගයක් වින්ඩොව්ස් 7 SP1 මෙහෙයුම් පද්ධතියට ඇතුළත් කර නොමැත.

වින්ඩෝව්ස් 7 SP1 මෙහෙයුම් පද්ධතියද 2020 ජනවාරි 14 වන දින විශ්‍රාමික මෙහෙයුම් පද්ධතියක් ලෙස නිල වශයෙන් ලැයිස්තුගත වීමට නියමිත අතර එයින් අදහස් වන්නේ වින්ඩෝව්ස් 7 SP1 මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන පරිගණක සඳහා ඉදිරියේදී කිසිදු ආරක්‍ෂිත යාවත්කාලීනයක් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ලබානොදෙනු ඇති බවය.

ලොවපුරා මෙන්ම ශ්‍රී ලංකාවෙත් තවමත් වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වන පරිගණක විශාල වශයෙන් පවතින අතර වින්ඩෝව්ස් 7 SP1 මෙහෙයුම් පද්ධතිය තවත් මාස හයකින් පසුව ආරක්‍ෂිත යාවත්කාලීන නොමැතිව සයිබර් ප්‍රහාරයන් වලට ගොදුරුවීමේ ඇති අවදානමක් පවතින නිසා එම අවදානමෙන් මිදීමට ඉදිරි මාස හය ඇතුලතදී එම පරිගණක වින්ඩොව්ස් 10 හෝ වින්ඩොව්ස් 8.1 මෙහෙයුම් පද්ධතිය දක්වා යාවත්කාලීන කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාව දැනුවත් කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

INFORMATION TECHNOLOGY SOCIETY SRI LANKA

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us