පුදනකොටම කාපි යකා ! එක එක හැන්දෙන් බෙදන්න බෑ. පොහොට්‍ටුවේ පක්ෂ ගැ‍ටුම්

Published in පුවත්
Thursday, 25 July 2019 21:10

හෙට (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය නොවන කුඩා පක්ෂ ගණනාවක් 'ද්විපාර්ශවීය' ගිවිසුම් ගතවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙසෙන කොළඹ විජේරාම නිවසේදී සිදු කිරීමට නියමිතය. එහෙත් ඒ සම්බන්ධයේ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කළ පැරණි පක්ෂ විරෝධය පළකර තිබේ.

මෙම අවස්තාවට සහභාගි වන ලෙස පොදුජන පෙරමුණ ලේකම්වරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පැරණි සාමාජික පක්ෂ නායකයන් ට ආරාධනා කර තිබේ. නමුත් මේ පිළිබඳව අද සවස රැස් වී සාකච්ඡා කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හෙට පැවැත්වෙන පොහොට්ටුව හා කුඩා පක්ෂ අතර ගිවිසුම් ගත වීමේ අවස්ථාවට සහභාගිවීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ. එයට හේතුව ලෙස එකී පක්ෂ නායකයන් පවසන්නේ සියලු පක්ෂ ඒකරාශි කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම මඟ හැර පොදුජන පෙරමුණ තනි තනි පක්ෂ සමඟ වෙන වෙනම ගිවිසුම් ගතවීම තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ , ජාතික නිදහස් පෙරමුණ , ලංකා සමසමාජ පක්ෂය , පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ,ශ්‍රී ලංකා මහජන පක්ෂය ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුලු පක්ෂ ගණනාවක් මෙකී වර්ජනය සිදු කරනු ඇත. මීට අමතරව හිටපු අමාත්‍ය ඒ එල් එම් අතාවුල්ලා සහ ප්‍රභා ගනේෂන් මහතුන්ගේ පක්ෂ ද මෙම අවස්තාවට සහභාගි නොවී සිටීමට තීරණය කර තිබේ.

මේ තත්වය මත හෙට දිනයේදී ගිවිසුම්ගත වීම අත්හි‍ටුවීමට හෝ පොදු ගිවිසුමකට මෙම කුඩා කණ්ඩායම් එකඟකර ගැනීමට හෝ සිදු වෙනු ඇතැයි එම පාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කරයි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us