අගරදගුරු නොමඟ යවන්න වතිකානුවෙන් සුරා දූතයෙකු ගෙන්වලා Featured

Published in පුවත්
Thursday, 29 August 2019 12:46

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් කෙසේ හෝ නන්දසේන ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දක්වන ප්‍රකාශයක් නිකුත් කරවා ගැනීම වෙනුවෙන් මේ දිනවල විශාල බර පැනක් දරමින් මෙහෙයුමක් දියත් වෙමින් තිබේ.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ව බැහැ දැක දේශපාලන වාසියක් ලබාගැනීම සඳහා බලවත් උත්සාහයක දී සිටින නන්දසේන ගෝඨාබය ගේ 'වියත්මඟ' ප්‍රධානින් කිහිප දෙනෙකු ඒ සඳහා වතිකානූවේ වෙසෙන ශ්‍රී ලාංකීය පියතුමකුගේ සහය ලබාගැනීමට කටයුතු කර තිබේ.

මෙසේ 'වියත්මඟ' ප්‍රධානින් සිය ව්‍යාපෘතිය සඳහා ඉත්තකු කර ගැනීමට කටයුතු කරමින් සිටින පියනම කතෝලික ප්‍රජාව අතර අපකීර්තියට ලක්ව සිටින නෙවිල් ජෝ නැමැත්තෙකි. වතිකානුව තුල ද අවස්ථා කිහිපයකදීම බීමත්ව සහ අශෝභන ලෙස හැසිරෙමින් කතෝලික ජනතාව අතර මහත් අප්‍රසාදයට ලක් වී ඇති එම පියනම, විශේෂයෙන් වතිකානූව නැරඹීමට අවස්ථාව සලසා දෙන බව පවසමින් සංචාරකයින් ගෙන් විශාල වශයෙන් ඔහූ මූදල් අයකරන්නෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්වූවෙකි.

nevil 2

මේ අතර නන්දසේන ගෝඨාබයගේ හිතවතුන් පිරිසක් විසින් රදගුරු මැඳුරේ අභ්‍යන්තර කවයේ තොරතුරු ලබාගැනීම සඳහා කිහිප දෙනෙකු උපාය දූතයින් ලෙස යොදගෙන ඇතිබව ද වාර්තාවේ.

විශේෂයෙන් ම කාදිනල් රංජිත් හිමිපාණන් කෙරෙහි රටේ ජනතාව තුළ තිබෙන විශ්වාසය සහ ගෞරවය ඉතා සූක්ෂම ලෙස දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීමට නන්දසේන කටයුතු කරමින් සිටින බව පැහැදිලිය.

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකු තමන් හමුවීමට නොපැමිණෙන ලෙස කාදිනල් රංජිත් හිමිපාණන් මිට ඉහතදී ප්‍රකාශ කර තිබුන ද උන්වහන්සේ හා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නන්දසේන අතර හමුවක් ඉක්මනින්ම සංවිධානය කර ගැනීම මෙම කුමන්ත්‍රණ කාරීමෙහෙයුමේ අරමුණය.

Last modified on Thursday, 29 August 2019 12:49

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us