නන්දසේන, පොහොට්‍ටු ගැ‍ටුම තවත් දුර දිග යයි. ප්‍රතිපත්ති ප්‍රකාශන 2ක් !

Published in පුවත්
Saturday, 31 August 2019 14:02

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබෙන නන්දසේන ගෝඨාබයගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකdශය නුදුරේම එළි දැක්වීමට කටයුතු යොදමින් තිබියදී නන්දසේනගේ ' වියත්මඟ' ජාතිවාදී මිලිටරි ජුන්ටාව විසින්ද නන්දසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ලියවිල්ලක් ලබන 08 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ.

මධ්‍යම පාංතික සිංහල බෞද්ධයන්ගේ සිහින සැබෑ කරන එය 2030 දක්වා වන දිගුකාලීන සැලැස්මක් ලෙස ඉදිරිපත් කිරීමටද නියමිතය. මෙරට අනෙක් ජනවර්ගයන් පිහදා දැමීමේ වුවමනාව නන්දසේන පාර්ශ්වයේ මිලිටරි ජුන්ටාවේ දිගුකාලීන වුවමනාව බව ඔවුන් විසින් පසුගිය කාලයේදී කළ කී දෙයින් තහවුරු කර තිබේ.

ජනාධිපතිවරණය දිනා ගැනිම වෙනුවෙන් මුස්ලිම් සහ දෙමළ අන්කවාදීන් ලෙස හන්වඩු ගැසුන පක්ෂවලත් ශ්‍රීලනිපයෙත් සහය අපේක්ෂාවෙන් මේ දිනවල මහින්ද රාජපක්ෂත් බැසිල් රාජපක්ෂත් එම පක්ෂ එකඟ කරවාගෙන ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටී. ඒ අතරම සිංහල බෞද්ධ උද්දච්ඡ ගිනිපුග් ගායකින් පෙලෙන නන්දසේනගේ කට වසා තබමින් අදහස් ප්‍රකාශ කිරීම වැලක්වීමටද කටයුතු කර තිබේ. එමෙන්ම නන්දසෙනගේ ජාතිවාදී සගයන් වන විමල් සහ උදය සහ ඔහුගේ වියත්මඟ නම් මිලිටරි ජුන්ටාවට මැතිවරණ මෙහෙයුමට හවුල් කර ගැනීමෙන්ද වැලක්වා තිබේ.

මේ නිසා නන්දසෙන පාශ්වය සහ පොහොට්‍ටු පාර්ශ්වයට අතර බරපතල ගැ‍ටුම් කාරිත්වයක් ඇතිව තිබේ.. පොහොට්‍ටුවේ තහනම නොතකා නන්දසෙන වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ එය පොහොට්‍ටු ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජගත කිරීම වලක්වා සිය ජාතිවාදී මතය සියල්ලට පෙර ප්‍රසිද්ධ කර සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජනධිපතිවරණය දිනා ගැනීමේ අරමුණ ඇතිවය. එසේම නන්දසේන වෙනුවෙන් විමල් වීරවංශගේ සහ උදය ගම්මන්පිලගේ ජාතිවාදී සමුුළු 2ක්ද පොහොට්‍ටු පක්ෂයේ බලපෑමට එරෙහිව සැප්තැම්බර් මුල් සතියේදි පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us