ජවිපෙ සහය කරූට, අරන් දෙන්න රාජිත පොරොන්දු වෙලා.   Featured

Published in පුවත්
Monday, 16 September 2019 12:32

එළඹෙන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට ඇමැති රවී කරුණානායක සහ ඇමැති රාජිත සේනාරත්න දැඩි වෙහෙසක් ගනිමින් සිටී.. මේ අනුව රාජිත සේනාරත්න පසුගියදා එජාප නායකත්වයට පොරොන්දු වී තිබුණේ කරු ජයසූරියව අවස්ථාව ලබා දෙන්නෙ නම් ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනීමට තමාට හැකි බවය.

ජවිපෙත් දෙමළ සන්ධානයත් රාජපක්ෂ කඳවුරේ ජයග්‍රහණය අපේක්ෂා නොකරන නිසාත් කරූ ජයසූරිය නිර්පාක්ෂික "ජාතික අපේක්ෂකයා' ලෙස ඉදිරිපත් වීමට එකඟ නිසාත් සියලු දෙනාගේ සහය ලබා ගැනීමට හැකි බව ඔහු පෙන්වා දී ඇත. එසේම කරූ ජයසූරියට ද ජවිපෙ සහ දෙමළ සන්ධානයේ සහය රැගෙන දිය හැකි බව මීට පෙර රාජිත සේනාරත්න පොරොන්දූ වී තිබු බවත් ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.කරූ ජයසූරිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් වීමට තීරණය කර ඇත්තේද රාජිත ලබා දුන් පොරොන්දුව අනුවය.

එහෙත් දෙමල සන්ධානය දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින්නේ එජාපය විසින් සිය අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව තමන්ගේ සහය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරන බවය.

රාජිත, ජවිපෙ සහය රැගෙන දීමට පොරොන්දු වූයේ ජවිපෙ ඊට එකඟව සිටින නිසාද යන්න ගැන තොරතුරු නැති මුත් පසුගියදා ජවිපෙ කේ. ඩී. ලාල්කාන්ත , විජිත හේරත්, ටිල්වින් සිල්වා ආදීන් දැඩිව අදහස් පළ කර තිබුනේ ජවිපෙ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක් ඉදිරිපත් වීම නියත වශයෙන්ම සිදුවනු ඇති බවත් වෙනත් පක්ෂවලට මුක්කු නොගසන බවත්ය. එහෙත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක තවමත් මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් දක්වා නැත.

ඒ කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ 1988/89 අරගල සමයේදී එය මර්දනය කිරීම සඳහා ඊට එරෙහිව ආයුධ සන්නද්ධ මිනිමරු කණ්ඩායමක් වන 'ප්‍රා' සංවිධානය නිර්මාණය කිරීමෙහි පුරෝගාමී වුයේ රාජිත සේනාරත්නය. ප්‍රා සංවිධානය මඟින් එවකට ජවිපෙට සම්බන්ධ විශාල පිරිසක් ඝාතනය කරන ලදී. එවකට ප්‍රා සංවිධානය කුලී මිනීමරුවන්ද ඝාතන සඳහා යෙදවූ අතර ජවිපෙ සාමාජිකයකුගේ ඔළුවකට රු 50,000 ගන්නේ ගෙවීමටද කටයුතු කර තිබිණි. ප්‍රා සංවිධානයේ මුලස්ථානය සහ ආයුධ ගබඩාව ලෙස පවත්වගෙන ගියේ රාජිත සේනාරත්නට අයත් කොළඹ නොරිස් චැනල් පාරේ පිහිටි නිවසය. එසේම රාජිත සේනාරත්න එවකට නියොජනය කළ පැරණි වාමාංශික පාර්ශ්වයේ කිහිප දෙනෙකුද ජවිපෙ සන්නද්ධ කණ්ඩායම් විසින් ඝාතනය කිරීම සිදු විය.

එකිනෙකා ඝාතනය කර ගනිමින් දේශපාලනයෙහි යෙදුනු මේ දෙපාර්ශ්වයට මිතුරු එකඟතාවයකට පැමිණ එජාපයේ අපේක්ෂකයකු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි වන්නෙ නම් එය මෙරට දේශපාලනයේ තවත් උත්ප්‍රාසජනක අවස්ථාවක් වෙනු ඇත.

Last modified on Monday, 16 September 2019 12:34

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us