යළි ශ්‍රීලනීප නායකත්වය මහින්දට

Published in පුවත්
Wednesday, 09 October 2019 13:09

ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහය දැක්වීමට තීරණය කිරීමත් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනීපයට නායකයකු නොමැති වීමත් යන කරුණු මුල් කරගෙන යළිත් ශ්‍රීලනිපයේ නායකත්වය මහින්ද රාජපක්ෂ වෙත ලබා දීමට ශ්‍රීලනීපයේ ජේෂ්ඨයන් කටයුතු කරමින් සිටී.

මේ වන විට පොදු ජන පෙරමුනේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ කටයුුතු කළත් එම පක්ෂයේ අයිතිකරු ලෙස බැසිල් රාජපක්ෂ කටයුතු කරයි. ඒ අනුව එම පක්ෂයේ නිල නොවන නායකයා වන්නේ බැසිල් රාජපක්ෂය. එම තත්වය තුල මහින්ද රාජපක්ෂට ශ්‍රීලනීපයේ නායකත්වය බාර ගැනීමට කිසිදු අසීරුතාවයක් නොමැති බව එම ජේෂ්ඨයන්ගේ මතය වී තිබේ.

ඒ කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයට සහය දැක්වූ ශ්‍රීලනීප සාමාජිකත්වය රාජපක්ෂවරුන්ගේ නායකත්වය පිළිගැනීම සම්බන්ධයෙන් නිශ්චිත යමක් කිව නොහැකි නමුත් 2015 ට පෙර එම සාමාජිකයා සිටියේ රාජපක්ෂවරුන්ගේ නායකත්වය පිළි ගනිමිනි.

මේ අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රීලනීපයේ නායකත්වය බාර ගැනීමෙන් සිදු වූයේ ශ්‍රීලනීපය මුළුමනින්ම විනාශ කර දැමීමක් බවය. ශ්‍රීලනීපය විනාශ කර දමා පොදුජන පෙරමුණ පෙරමුණ ගොඩ නැංවීමට අවශ්‍ය පහසුකම් සැලසීමද සිරිසේන විසින් සිදු කෙරුණු කටයුත්තක් බව ඔවුන් පෙන්වා දෙයි..රාජපක්ෂ්වරුන්ට එල්ල වූ අපරාධ චෝදනා හමුවේ ඔවුන්ව ආරක්ෂා කිරීම ද සිරිසේන විසින් සිදු කරනු ලැබූවක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේ තත්වයන් යටතේ ශ්‍රී ලනීපයට උරුමකම් කියන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුලු කණ්ඩායම් මහින්ද රාජපක්ෂට යළි ශ්‍රීලනීපයේ නායකත්වය හිමි කරදීමට අවස්තාවක් ලබා නොදෙනු ඇතැයි එම පාර්ශ්වයේ තොරතුරු මාර්ග පවසයි. බොහො විට එම පාර්ශ්වය මෙවර ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට සහය දීමේ තීරණය ගනු ඇතැයිද පැවසේ. ශ්‍රීලනිපයේ මුලික ප්‍රතිපත්ති වලට ගැලපෙන ප්‍රතිපත්තිමය කරුණු සහිතව මෙවර ජනධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් අතරින් ශ්‍රීලනීපයට එකඟ විය හැකි අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බවත් මෙ අවන විටත් පෙන්නුම් කර තිබෙන තත්වයන් හමුවේ ශ්‍රිලනිපයේ රාජපක්ෂ විරෝධි කණ්ඩායමේ සහය සජිත් ප්‍රේමදාස වෙත ලැබෙණු ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us