අගමැතිධුරය මහින්දට දෙන්න බෑ.. ගෝටා පිළ දැඩි ස්ථාවරයක Featured

Published in පුවත්
Wednesday, 20 November 2019 12:29

අගමැති රනිල් වික්‍රමසංහ අද දින සිය අගමැතිධුරයෙන් ඉවත් වීමට ගෙන තිබෙන තීරණය අනුව නව අගමැතිවරයකු යටතෙ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති ගොටාබය තීන්දු කළද එය මේ වන විට පොදුජන පෙරමුණ තුල දැඩි අර්බූදයකට හේතුවී තිබේ.

ගොටාබය රාජපක්ෂ පාර්ශ්වය නියොජනය කරන මහින්දානන්ද අලුත් ගමගේ දෙරණ අධිපති දිලිත් ජයවීර සහ වියත් මඟ කණ්ඩායම දැඩිව ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂට අගමැතිධුරා ලබා නොදිය යුතු බවය.

අයියා මලෝ දෙන්න ජනාධිපතිධුරයත් අගමැතිධූරයත් හෙබවීම නිසා බරපතල සදාචාරාත්මක ගැටලුවක් ඇති වන බවට එම පිරිස පෙන්වා දෙයි. මේනිසා දිනේශ් ගුණවර්ධනය අගමැතිධුරය ලබා දිය යුතු බව මෙම කණ්ඩායම යෝජනා කරයි

එහෙත් මේ තීරණයට මහින්දවාදී පිරිස එක හෙලාම විරුද්ධ වී ඇත. ගොටාබය ජනාධිපති පු‍ටුවට පත් වූයේ මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපය සහ ඔහුගේ සහය ලබා ගනිමින් නිසා අගමැති ධුරය ඔහුට ලබා දීමේ යුතුකමක් තිබෙන බව නාමල් රාජපක්ෂ ඇතුලු පිරිසේ මතය වී තිබේ.

කෙසේ නමුත් ගොටාබය රාජපක්ෂගේ උද්දච්ඡ වැඩ පිලිවෙල නිසා පෙර සිටම මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සිටියේ ගොටා විරෝධී ස්ථාවරයකය. මෙ වන විට ගොටබය, පවුලේ උරුමය වූ සාටකයද පැත්තකට විසි කර තමන්ගේ වෙනම ගමනක් නිර්මාණය කර ගනිඹින් තිබේ.

මේ තත්වය මත පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකයකුද නොවන ගොටබය සමග ඉදිරියේදී ගනු දෙනු බේරා ගැනීම එම පක්ෂයට බරපතල අසීරුතාවයන්ට මුහුණ දීමට සිදු වෙනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us