රාජපක්ෂ භීෂණය ගෙයි දොරකඩට පැමිණ තිබේ. මේ මොහොත ඔවුන් සතුය. Featured

Published in පුවත්
Wednesday, 27 November 2019 16:59

අපේක්ෂා කළ පරිදිම රාජපක්ෂවරුන්ගේ භීෂණකාරී මිලිටරි පාලනය තහවුරු කරමින් තිබේ. එය හිතුවාට වඩා වේගයෙන් සිදු වෙමින් තිබේ. මේ වන විට මාධ්‍ය ආයතන , මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් රැසක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ගනනාවක්ද රාජපක්ෂ මිලිටරි ජුන්ටාවේ ප්‍රශ්න කිරීම් වලට ගොදුරුව ඇත.

මාධ්‍ය නිදහස ගැන කප්පරක් දේවල් ජනාධිපතිවරණ සමයේදී ගොටාභය රාජපක්ෂ වේදිකාවල සිට ටෙලි ප්‍රොම්ටරයෙන් බලාගෙන කියෙව්වාට ඒවා ඔහුගේ ප්‍රතිපත්ති නොවන බව කිසිවකුට සැකයක් තිබුණේ නැත. සතා සතාම බව නොදැන සිටි කිසිවකුත් සිටියෙ නැත.

එයා දැන් හොඳ ළමයෙක් ඉස්සර වගේ නෑ.පරණ සෙල්ලම් ආයෙ කරන්න බෑ. එයාට බය වෙලා දේශපාලනය කරන්න බෑ.. වගේ කතා කියමින් ගොටාව හොඳ ළමයෙක් කරන්නට ගත් තක්කඩි උත්සාහයයන්ද ක්‍රියාත්මක විය. අපුල දනවන කාරණය නම් ගෝටා යනු කවරෙක්දැක් හොඳාකාරවම දැන දැනම වාමංශිකයි ප්‍රජාතන්ත්‍රවාදීයි මානව හිතවාදියි යැයි සමාජය හමුවෙ පෙනී සිටි පිරිස්ද මේ මතය ප්‍රචාරය කිරීමය.

ඒවා දැන් කොහොම වෙතත් යළි සමස්ත සමාජය බියට පත් කරමින් හිට්ලර් පන්නයේ පාලනයක් ක්‍රියාත්මක කරන්නට පටන් ගනිමින් තිබේ. රට රැක ගැනීම, ජාතික ආරක්ෂාව, සිංහල පමණයි වැනි ව්‍යාජ සටන් පාඨ මඟින් රටේ බහුතර ජනතාව මරි මෝඩ මිනිසුන් බවට පත් කරමින් අල්ලා ගත් බලය ඉදිරියේදී පාවිච්චි වෙනුයේ රාජපක්ෂලාගේ පවුලේ යහ පැවැත්ම වෙනුවෙනී. ඊට එරෙහි වෙන්නන් තලා පෙලා හෝ මරා දැමීම හෝ වෙනුවෙනි..

රාජපක්ෂල කවදාවත් මේ රට හැදුවේ නැත. හදන්නේද නැත. හැමදාම කළේ රටෙන්, රටේ සම්පත් දෙපොල වලින් තමන්ගේ පවුලේ පැවැත්ම සකසා ගැනීම පමණි.

සමස්ත සමාජයම රවටමින් මේ කරන තක්කඩි මජර දේශපාලනය වටහා ගැනිමට රටේ බහුතරය අසමත් වීමේ විපාක ලෙස සමස්ත සමාජයම යළි භිෂණකාරී අඳුරු යුගයකට යමින් තිබේ. සමාජයට ඒ වටහා ගැනීමට ඉඩ නොදී ජනතාව ‍රැවැටීමකට තල්ලු කළ අවස්ථාවාදී දේශපාලනයක්ද රටේ ක්‍රියාත්මක වීම මීට බරපතල ලෙස හේතු විය.

කොහොම නමුත් අනාගතය දැන් බියකරුය. තමන්ගේ මරණය කිසිවකුගේ බලහත්කාරිත්වයෙන් සිදුවනු ඇතැයි බියෙන් සමාජය වෙලෙමින් පවති. ජාතික ආරක්ෂාව වෙනුවට ජාතික අනාරක්ෂාව ගොඩනැගෙමින් තිබේ. ඒ සමඟ අනන්‍යව ජීවත් වෙනවාද ? ඊට එරෙහි වෙනවාද ? කියා තීරණය කිරීමට තරම්වත් සමාජය මේ මොහොතේ සූදානම් නොවීමේ අවාසනාවන්ත තත්වයට මුහුණ දී සිටී. ඒ තවමත් ජයග්‍රහණයේ මල් වෙඩි සංදර්ශන වලින් සමාජයේ ඇස් නිලංකාර වී ඇති නිසාය. කණ් අඩි පුපුරා ඇති නිසාය. අමතක නොකළ යුතු අනෙක් දේ නම් රාජපක්ෂලා හැම අපරාධයක්ම කළේ ඔවුන් ජයග්‍රාහීව සිටින මොහොතවල් වලදී බවය. මේ ගෙවෙන්නේ එවැනි කාලයකි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us