බදියුදීන් අත්අඩංගුවට ගන්න සමාජජාලා මෙහෙයුමකුත් ! Featured

Published in පුවත්
Saturday, 17 October 2020 00:53

අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ලබා දුන් නියෝග මත මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායම් 6 ක් මඟින් රට පීරමින් සොයන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව නීතියේ ‍රැහැන්ට කො‍ටුකර දීම සඳහා සමාජ ජාලා මෙහෙයුමකුත් ක්‍රියාත්මකව තිබේ.

බදියුදීන් මහතාව අත් අඩංගුවට ගැනිමට දින දෙකක් තිස්සෙ පොලිසිය වෙහෙසෙමින් සිටී. එහෙත් ඔහු ආගිය තැනක් ගැන කිසිදු තොරතුරක් පොලීසියට වාර්තා වී නැත. ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සහ ඔහුගේ කාර්යාල සහයකයකු අත් අඩංගුවට ගැනීමට නම් පොලිසිය සමත් වී තිබු බවත් ඊයේ වාර්තා විය.

බදියුදීන් මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසියට සහය වීම වෙනුවෙන්. තමන්ගේ නිවාස පරිශ්‍රයෙහි අහුමුළුවල ඔහු සැඟවී නැති බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරමින් සමාජ ජාලා ක්‍රියාකරුවන් ‍රැසක් මේ වන විට පොලීසියට අනගි සහයක් ලබා දෙමින් තිබේ. තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූපය සමඟ ''බදියුදීන් මාගේ නිවසේ නැත'' යන පණිවිඩය සමඟ ආකර්ශනීය මෙහෙයුමක් ද මේ වන විට ක්‍රියාත්මකව පවතී.

ඒ කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව මෙසේ අත් අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගද ලැබු පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් මෙන්ම වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් රැසක්ද අත් අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වීම කැපී පෙනිනි.

මේ පොලිසියේ දුර්වලකමද පාලකයන්ගේ දුර්වලකමද නැති නම් දෙගොල්ලූම එක් වී ජනතවට විහිළු සපයමින් සිටිනවාද යන්න ගැන ද පැහැදිලිතාවයක් නැත. ඒ කොහොම නමුත් සමාජ ජාලාවල යන කතාව නම් පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වන විට වත්මන් පාලකයන් බලයේ සිටියා නම් තවමත් රට පුරා බෝම්බ පිපිරිම නම් අඛන්ඩව සිදු වනු ඇති බවය. ඒ තරමට පාලකයන් සහ පොලිසිය දුර්වල බව ඔවුන්ගේ හැඟීම වී තිබේ.

එහෙත් අප දන්නා මේ රටේ දේශපාලනය අනුව නම් මේවා ඩීල් ය. ජනතාව ගොනාට අන්දවා ගහන ගේම්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us