මස්කෙළිය ප‍්‍රදේශයෙන් නිධානයකින් ගොඩගත් බවට සැක කෙරෙන මෙම කඩුව සහ කඩුකොපුව රු. ලක්ෂ තිස්හයකට අලෙවි කිරීම සඳහා සූදානම් කොට හැටන් ප‍්‍රදේශයේ ලැගුම්හලක තිබියදී පොලිස් බුද්ධි අංශයේ උපාය දූතයෙක් යොදා අත්අඩංඟුවට ගෙන ඇත.
මෙම කඩුව, කඩුකොපුව සහ එයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.
මෙම නිධානයෙන් ගොඩගත් තවත් භාණ්ඩ රැසක් මෙම සැකකරුවන් ලඟ තිබෙන බව ඔවුන් විසින් ලබාදුන් තොරතුරු මත එම භාණ්ඩ සොයා හැටන් පොලීසිය මෙහෙයුමක් ආරම්භකර ඇත.
 
(හැටන් රංජිත් රාජපක්‍ෂ)

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														