වතු කම්කරුවන් වෙනුවෙන් නව වැ‍ටුප් යෝජනා. දිනක වැ‍ටුප රු 1000 ඉක්මවයි.

Published in පුවත්
Thursday, 24 December 2020 12:22

මෙරට කලාපීය වැවිලි සමාගම් (RPCs) කම්කරු අමාත්‍ය හා වෘත්තීය සමිති නායකයින් සමඟ මෑතකදී සිදු කළ සාකච්ඡා වලින් අනතුරුව වතු කම්කරුවන්ගේ දෛනික ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් සාම්ප‍්‍රදායෙන් බැහැර වූ නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව economynbusinesssl වෙබ අඩවිය සඳහන් කරයි.

ඒ අනුව නව යෝජනා යටතේ කලාපීය වැවිලි සමාගම් ස්ථාවර දෛනික වැටුප් ලබා දීම අඛණ්ඩව සිදු කරනු ඇති අතර පැමිණීමේ දීමනා, ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා කම්කරුවන්ව දිරිගැන්වීමක් ලෙස ලබා දෙන ගෙවීම් ආදිය නැවත හඳුන්වා දෙනු ඇත. එමෙන්ම දින තුනක දෛනික වැටුපක් හා දින තුනක ඵලදායිතාවය මත පදනම් වූ ගෙවීමක් යන වැටුප් ක‍්‍රමවේද දෙකෙහි එකතුවක් ද සමඟින් නව යෝජනාවක් RPCs හඳුන්වා දී ඇති අතර එහිදී කම්කරුවන්ට ඔවුන්ගේ අස්වැන්න මත පදනම්ව ඔවුන්ගේ ඉපැයීම් ඉහළ නංවා ගැනීමට හැකියාව ඇත.

ඵලදායිතාව හා බැඳුනු නව යෝජනා යටතේ ඉදිරිපත් කර ඇති පළමු විකල්ප යෝජනාව වන්නේ කම්කරුවන් විසින් නෙලන ලද සෑම අමු තේ දළු කිලෝග‍්‍රෑම් එකක් සඳහා (EPF/ETF ඇතුළුව) රුපියල් පනහක මිලක් ගෙවීමයි. ඒ අනුව වතු කම්කරුවන් දිනකට තේ දළු කිලෝග‍්‍රෑම් 30-40ත් අතර ඉහළ තේ අස්වැන්නක් ලබා ගන්නා විට (දැනට පවතින සම්මතයට වඩා) ඔවුන්ගේ ඉපැයීම් වඩාත් ඉහළ නංවා ගැනීමට මෙහිදී හැකියාව ලැබේ.

රුපියල් 50/-ක ගෙවීම අනුව තේ දළු කිලෝග‍්‍රෑම් 20ක් නෙලන කම්කරුවෙකු සඳහා දිනකට රුපියල් 1000/-ක ගෙවීමක් ලැබෙනු ඇති අතර එහිදී මාසික වැටුප වන්නේ රුපියල් 25,000/-කි. වර්තමානයේදී කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුවල තේ දළු නෙලීමේ සාමාන්‍ය දිනකට කිලෝග‍්‍රෑම් 20-22ත් අතර වේ. කෙසේවෙතත් හොඳම තේ දළු නෙලන්නන්ගෙන් බහුතරයගේ දිනක අස්වනු නෙලීමේ සාමාන්‍ය වන්නේ තේ දළු කිලෝග‍්‍රෑම් 30-40ත් අතර ප‍්‍රමාණයකි. මින් අදහස් වන්නේ එම වැටුප මාසිකව රුපියල් 37,500/- සිට රුපියල් 62,000/-ක් දක්වා වැඩි කර ගැනීමට මෙම ක‍්‍රමය යටතේ වතු කම්කරුවන්ට හැකියාව ඇති බවයි.

තවත් විකල්ප යෝජනාවක් වන්නේ ජාතික විකුණුම් අනුපාතයෙන් (NSA) 35%ක කොටසක් මත පදනම්ව කම්කරුවන්ව ලැයිස්තුගත කිරීමයි.

තවද නව යෝජනාව පරිදි දෛනික වැටුප් ක‍්‍රමවේදයට අනුව වතු කම්කරුවන්ට එක් දිනක් වැඩ කිරීම සඳහා රුපියල් 1025/-ක් ගෙවනු ඇත. ඒ අනුව මූලික වැටුප රුපියල් 700/-ක් ද, EPF/ETF රුපියල් 105/-ක් ද, පැමිණීමේ දීමනා රුපියල් 70/-ක් ද, නිෂ්පාදන දීමනා රුපියල් 75/-ක් සහ නෙලනු ලබන වැඩිපුර තේ දළු සඳහා දීමනා ලෙස රුපියල් 75/-ක් ද වශයෙන් කම්කරුවන්ට මෙම දෛනික වැටුප හිමි වනු ඇත. කම්කරුවන්ට මෙම ආකෘතිය යටතේ හරියටම වැටුප් ලබා දීමක් සිදුවුව හොත් ඔවුන්ගේ මාසික ඉපැයීම රුපියල් 4250/-කින් පමණ ඉහළ යනු ඇත. මේ අතර වතු කම්කරුවන් තේ දළු නෙලීමේ සම්මත ප‍්‍රමාණය ඉක්මවා ගියහොත් ඔවුන්ට ඉතා ඉහළ මාසික වැටුපක් හිමි කර ගැනීමට ද මෙයින් හැකියාව ලැබේ.

RPC වලට අයත් වතුවල ක‍්‍රියාත්මක කරන ලද කුඩා ප‍්‍රමාණයේ ව්‍යාපෘතිවල සහ තේ පර්යේෂණ ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයන්ට අනුව මෙවැනි ඵලදායීතාව හා සම්බන්ධ වැටුප් ආකෘතීන් වතු කම්කරුවන්ගේ ඵලදායීතාවය හා ඉපැයීම් ඉතා විශාල ලෙස වැඩි කර ගැනීමට සමත් වී තිබෙන බව සනාථ කර ඇත.

එමෙන්ම මෙම යෝජනාවලින් කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුවල වැඩ කරන වතුකම්කරුවන්ගේ කැමත්ත අනුව සහ කම්කරුවන් හා සමාගම් අතර පෙර පැවති එකඟතාවන් ආදිය මත පදනම්ව මෙම ආකෘති දෙකෙන් එකක් තෝරා ගැනීමට ද සමාගම්වලට අවස්ථාව ලැබේ.

‘‘අපගේ නව යෝජනාවලින් ලැබෙන වටිනා ප‍්‍රතිලාභ පිළිබඳව ඉතා ඕනෑකමින් සිතා බලන ලෙස සියලූම පාර්ශවකරුවන්ගෙන් අප ඉල්ලා සිටිනවා. අප මෙම සාම්ප‍්‍රදායික වැටුප් ක‍්‍රමවේදයෙන් බැහැර වී කම්කරුවන්ට ශක්තිමත් ව්‍යවසායකයින් බවට පත් විය හැකි මෙන්ම ක්ෂේත‍්‍රයේ අනාගත සුභ සිද්ධිය උදෙසා තිරසාර ප‍්‍රතිඵලයක් ලබා ගැනීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. මෙම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමෙන් පසු කම්කරුවන්ට වැඩි නිදහසක් හිමි වනවා මෙන්ම ඔවුන්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් ද ඉපැයීම් කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා. එමෙන්ම මෙම ක‍්‍රියාවලිය මගින් ඔවුන්ගේ මාසික වැටුප විශාල වශයෙන් වැඩි කරගැනීමට ද හැකියාව ලැබෙනවා.’’ යනුවෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල මහතා පවසයි.

වතු කම්කරුවන් සඳහා රු 1000 ක දෛනික වැටුපක් ලබාදීමට කටයුතු කරන බව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ දී ලබා දුන් පොරොන්දුවකි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us