මිය ගිය විමලසිරිගේ බිරිඳ ශාලිකා සඳමාලි ඒ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකින් අනතුරුව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාශය, රාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු විදේශ අමාත්‍යංශයේ සේවකයෙක් බව  පැවසේ.
තානාපති සේවා තැපැල් මල්ලේ බහා එවූ බව පැවසෙන රන් මාලය උණු කර ගුළියක් බවට පත් කර තිබියදී කොළඹ හෙට්ටි වීදියේ සුප්‍රසිද්ධ රන් ආභරණ අලෙවි සැලකින් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
මිල කළ නොහැකියි :
රන් මාලය විකුණා ලබා ගත් එක්ලක්ෂ හැත්තෑඑක් දහසක මුදල සැකකරුගේ බැංකු ගිණුමට බැර කර ඇති බව පසුව කළ පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.
නමුත් රන් මාලය සමග එවා තිබූ රිදී මුද්ද සොයා ගැනීමට නොහැකි වී තිබෙන අතර මියගිය විමලසිරිගේ බිරිඳ පවසන්නේ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා පැළඳි එම මුද්ද තමාට මිල කළ නොහැකි හැඟුම්බර වස්තුවක් බවයි.
රටට විදේශ විනිමය සොයා දෙන පුද්ගලයන්ට විදේශ අමාත්‍යංශය දක්වන නොසැලකිල්ල සම්බන්ධයෙන් විමලසිරිගේ බිරිඳ ශාලිකා සඳමාලි විජේරත්න  අදහස් දැක්වූවේ දැඩි කල කිරීමකින් යුතුවය.
'රටට සල්ලි සොයා දෙන පවුල් වෙනුවෙන් මට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් සිද්ධ නොවන පිළිවෙළට කටයුතු කරන්න කියලා' යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
(සංදේශය) 
පසුගිය මාසයේ දකුණු කොරියාවේදී ජීවිතක්ෂයට පත් වූ අනුරාධපුර පදිංචිව සිටි අරුනින්ද ප්‍රභාකර විමලසිරිට අයත් රන්මාලය සහ රිදී මුද්ද තැපැල් මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට පත්වීමෙන් අනතුරුව අතුරුදහන් වී තිබේ.
Leave a comment
Gossip
 
															
														
																
																								
												
																									සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
 
															
														
																
																								
												
																									වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
 
															
														
																
																								
												
																									ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
 
															
														
																
																								
												
																									ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
 
															
														
																
																								
												
																									ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
 
															
														
																
																								
												
																									සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
 
															
														
																
																								
												
																									ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

 
		  	