යුක්‍රේන් බුබුල, පොකුරක් වෙයිද?

Published in පුවත්
Thursday, 31 December 2020 10:54

කොවිඩ් 19 තත්වය නිසා මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ වූ පසුබෑම යළි නංවාලීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයන් අතර සංචාරක ව්‍යාපාරයට අවස්ථාවක් උදාකර ගැනීම වෙනුවෙන් පසුගියදා නව අත්හදා බැලීමකට ආණ්ඩුව යොමු විය. ඒ අනුව Travel Bubble නම් සංකල්පයක් යටතේ යුක්‍රේනයේ සිට මෙරට සංචාරයට කැමැති 186 දෙනෙකු මෙරටට පැමිණිමට අවසරය දෙන ලදී.

කොවිඩ් 19 තත්වය මත මෙය අවදානම්කාරී බව අමුතුවෙන් කිවයුතු නැත. මේ නිසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුනේ නව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවිධි රැසක් අනුගමනය කරමිනි. එහෙත් මෙරටට පැමිණි මෙම කණ්ඩායම තුල මේ වන විට කොරෝනා අසාදිතයන් 6 දෙනෙකු සිටි බව ඊයේ දිනය වන විට හඳුනාගෙන තිබේ. මෙය නොවිය හැකිව තිබූවක් නොවේ. එවැනි අවදානමකට මුහුණ දීමේ සූදානමක් සෞඛ්‍ය අංශ වෙත තිබිණි. වෛරසයේ ස්වභාවය, එය පැතිරීමේ ස්වභාවය, මිනිස් ශරීරයේ ස්වභාවය අනුව අසාදනය වීමේ හැකියාව ආදිය කිසිවක් නිශ්චිත නැත. පීසීආර් පරීක්ෂණ පවා සියයට සියයක් විශ්වාසනීය නොවේ. එම පරීක්ෂණ සිදු කළත් වෛරසයෙ හැසිරීම අනුව ආසාදිතයකු වුව මඟ හැරෙන අවස්ථා තිබිය හැක. නමුත් මේ අවිනිශ්චිතභාවයන් තවදුරටත් තබාගෙන රට මුලුමනින්ම දීර්ග කාලයක් වසාගෙන සිටීමේ හැකියාවක් ලෝකයෙ කිසිදු රටකට නැත. රටේ ආර්ථිකය කඩා වැ‍ටුනහොත් ජන ජීවිතය පවත්වාගෙන යෑමේ අවිනිශ්චිතභාවය වඩාත් බරපතල ගැටලුවක් වෙනු ඇත.

කොරොනා දෙවැනි රැල්ල මතු වූ මොහොතේදී රට වසා දමා අඳිරි නීතිය දමා මාස ගනන් වසා තැබිය යුතු බවට මෝඩ ඉල්ලීම් දිගින් දිගටම ඉදිරිපත් වූවද ජනතාවට වගකියන පාලකයන් ලෙස වත්මන් ආණ්ඩුව සියල්ල වඩා යහපත් ලෙස කළමනාකරණය කරගනිමින් රට වසා නොදමා වසංගතය පාලනය කරගැනීමටත් ආර්ථිකය කඩ නොවැටෙන්නට අවශ්‍ය ක්‍රියමාර්ගයන්ද තුලනය කරගැනීමට සමත් වී තිබේ.

සංචාරක ව්‍යාපාරය කියන්නේ මෙරටට විදේශ විනිමය ලැබුණු, ව්‍යාපාර, රැකියා, ස්වයං රැකියා විශාල ප්‍රමාණයක් උපදවනු ලැබූ ප්‍රධාන මාර්ගයක් මෙන්ම අනාගතයේ විශාල බලාපොරොත්තුවක් තබා තිබෙන ක්ෂේත්‍රයයි. එම ඉලක්ක කෙසේ හෝ ජය ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. ඒ වෙනුවෙන් උත්සාහයක් හෝ දැරීමට නොහැකි නම් එය ආණ්ඩුවේ අසමත්කමය.

සෞඛ්‍ය අංශවල උපදෙස්, වසංගත තත්වය තුල සංචාරක ව්‍යපාරය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම ආදිය සලකා බල මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන නියමු ව්‍යපෘතියක් ලෙස යුක්‍රේන සංචාරකයන් පිරිස ගෙන්වා ගැනීම සිදු කර තිබිණි. මේ වන විට එහි වැරදීම් කිහිපයක් හඳුනාගෙන තිබේ. විවේචයන්ද ඉදිරිපත්ව තිබේ. දැන් විය යුත්තේ මෝඩ, කුහක, කඩාකප්පල්කාරී විපක්ෂ උපදෙස් අනුව සංචාරක ව්‍යාපාරය අත්හි‍ටුවීම නොවේ. සිදුව තිබෙන වැරදීම් අඩුපාඩුකම් යළි සකසා සංචාරක ව්‍යාපාරයට නව අවස්ථා උදාකර දීමය. කොරෝනා පොකුරක් වෙනුවට ඩොලර් පොකුරක් නිර්මාණය කරගැනීමට හැකි සැම උත්සාහයක් දැරීමය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us