බාලිකාවන් ලක්ෂ 8 කට සනීපාරක්ෂක තුවා නොමිලේ  

Published in පුවත්
Monday, 04 January 2021 17:05

මෙම වසර තුළදී අදියර තුනක ව්‍යාපෘතියක් වශයෙන් පාසල් ළමුන් 800,000 කට පමණ නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර ග්‍රාමීය ප්‍රදේශවල පාසල් දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බව අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමධාර මහතා පවසන්නේ මෙය සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහනේ කොටසක් බවත් මෙහිදී ග්‍රාමීය පාසල්වලට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ සනීපාරක්ෂක තුවා ලබා ගැනීමේ හැකියාව සහ ප්‍රවේශය පිළිබඳ විශාල ගැටලුවලට ඔවුන් මුහුණ දීම නිසා බවත්ය.

මෙම වැඩසටහන පසුව මධ්‍යම මට්ටමේ පාසල් කෙරෙහි ද අවසාන වශයෙන්, නාගරික පාසල් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීම පිළිබඳව සාකච්ඡා කෙරෙන බවත් කෙසේ වෙතත්, මෙම වසර අවසානයට පෙර අවශ්‍ය සියලුම පාසල් දරුවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට අපි බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.

මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අධීක්ෂණය කරන බව ද වික්‍රමදර මහතා පැවසයි.

එසේම සනීපාරක්ෂක තුවා නිපදවන ශ්‍රී ලාංකික සමාගම් කිහිපයක් දැනටමත් අඩු වියදමකින් මෙම නිෂ්පාදන ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ ඇති නමුත් තවමත් ඒ සඳහා කිසිදු සමාගමක් මෙතෙක් තෝරාගෙන නොමැත.

පාසල් ළමයින්ට ගුණාත්මක සනීපාරක්ෂක තුවා ලබා දීමටට සැලකිලිමත් වෙන බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙන බවත් ඔහු පෙන්වා දෙනවා.

සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර, එක් දරුවෙකු සඳහා පෑඩ් කීයක් ලබා දිය යුතුද යන්න ගැන සහ පාසල්වල බෙදා හැරීම සිදුවන්නේද යන්න හෝ ළමයින්ට ස්වාධීනව නිෂ්පාදන මිලදී ගැනීමට හැකි වන කූපන් පදනම් කරගත් පද්ධතියක් හරහාද යන්න සාකච්ඡා කළ යුතු බවත් පවසයි.

මේ අතර තෝරාගත් පාසල් 2500 ක සිසුන් 2,000 කට අධික සංඛ්‍යාවක් සිටින වැසිකිළි පහසුකම් ඉදිකිරීමට සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන තවදුරටත් අපේක්ෂා කරන අතර අදාළ පාසල් සඳහා සනීපාරක්ෂක තුවා වලට අමතරව සනීපාරක්ෂක කාමර ලබා දීම පිළිබඳව ද මෙම වැඩසටහන මඟින් අවධානය යොමු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) විසින් 2015 දී රජය සමඟ කරන ලද නව යොවුන් ශ්‍රී ලාංකික ගැහැනු ළමයින් පිළිබඳ සමීක්ෂණයකින් හෙළි වූයේ දැක්වූවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසකට ඔවුන්ගේ ඔසප් කාල සීමාව තුළ පාසැල් අතපසු වූ බවයි. මීට අමතරව, එක්සත් ජාතීන්ගේ තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගෙන් 60% කට වඩා වැඩි පිරිසක් ඔසප් රුධිරය අපිරිසිදු යැයි සිතූ බවයි.

ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2019 දී සිය ජනාධිපතිවරණ සමයේ දී කළ ප්‍රධාන පොරොන්දුවකි. සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දිය යුතුද යන්න පිළිබඳව උණුසුම් විවාදයක් ඇති විය.

ස්කොට්ලන්ත මේ සම්බන්ධ පනත් කෙටුම්පත “Period Products (Free Provision) (Scotland) Bill”. හඳුන්වා දීමත් සමඟ 2020 නොවැම්බරයේදී ස්කොට්ලන්තය අවශ්‍ය ඕනෑම කෙනෙකුට නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබා දුන් ලොව පළමු රට බවට පත්විය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us