ජනපතිගේ මීළඟ මෙහෙයුම රේගුව.! අති විශිෂ්ටයි සර් !!  

Published in පුවත්
Thursday, 07 January 2021 13:08

ජනාධිපති ගෝඨබය රාජපක්ෂ විසින් රාජ්‍ය ආයතනයන් හී වංචා දූෂණ අකාර්යක්ෂමතා මැඩලීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයාගේ මීළඟ මෙහෙයුම බවට පත්ව ඇත්තේ රේගු දෙපාර්තමේන්තුව සුද්ද බුද්ද කර එහි සේවය උපරීමයෙන් රටට ජනතාවට ලබාදීම බව වාර්ථා වේ.

ජනාධිපතිවරයා මීට පෙර පෞද්ගලිකවම මැදිහත් වී අතිශය දූෂිත ආයතනයක් වන මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ඉවත් කර එම දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් සක්‍රීයව පිරිසිදුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය. ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ජනකොටස් වල ප්‍රසාදය ජනාධිපතිවරයාට හිමිව තිබේ.

මේ වන විටත් රේගුවේ කටයුතු මෙම වසරේ මුල් මාස 3 ඇතුලත ප්‍රතිසංස්කරණය කරමින් ධනාත්මක පරිවර්තනයකට ලක් කරන ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ලිඛිතවම එහි බලධාරීන් වෙත දන්වා ඇත . එසේ නොවුණහොත් ජනාධිපතිවරයාට මැදිහත් වී එම කටයුතු සිදු කිරීමට වන බවට අනතුරු හැඟවීම්ක්ද කර තිබේ.

මෙරට රාජ්‍ය බදු ආදායමෙන් දෙකෙන් පංගුවක් පමණ ලැබෙන්නේ රේගු දෙපාර්තමේන්තුවෙනි. එමෙන්ම අති විශාල බදු වංචා දූෂණ අක්‍රමිකතා රැසක්ද ඒ තුල වෙයි. මේ නිසා ව්‍යාපරික ප්‍රජාවගෙන් සහ ජනතාවගෙන් නිරන්තර පැමිණිලි එල්ල වෙමින් තිබෙන ආයතනයක් බවට දැන් කාලාන්තරයක් තිස්සේ රේගුව පත්ව තිබේ. එසේම බදු නොගෙවා හොර බඩු/ බාල බඩු ලංකාවටෙ ගෙන ඒමේ මහා ජාවාරම් වෙනුවෙන් ඇතැම් රේගු නිලධාරීන්ගේ සහය ලැබෙන බවත් ප්‍රසිද්ධ කරුණකි.

මේ නිසා කල් යල් බලා රේගු දෙපාර්තමේන්තුව සුද්ද කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව විශිෂ්ටය.

පහතින් පළ වන්නේ පී බී ජයසුන්දර මහතා යොමු කළ ලිපියයි.

123

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us