හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන අය කොමිෂමේ සම සභාපතිත්වය හොබවති. කොමිෂමේ ලේකම් ධූරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ පත් කර තිබේ. මෙහි පත් කරන ලද සෙසු සාමාජිකයන් සහ කොමිසමට පැවරී ඇති කාර්යභාරයන් පහත නිවේදනයේ දැක්වේ.



