යාපනයේ කඩා දැමු ස්මාරකය යළි පිහිටුවයි

Published in පුවත්
Monday, 11 January 2021 10:24

පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඇතිව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් කඩා දමන ලද යුද්ධය නිසා මළවුන් සිහිකිරීම පිණිස වූ ස්මාරකය නැවත ගොඩනැගීමට එම පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව ද උදෑසන ඒ වෙනුවෙන් මුල් ගල් තැබීම සිදු කර තිබේ.

මෙම ස්මාරක කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යල සිසුන්ගේ සහ උතුරේ දෙමළ ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වූ අතර දකුණේ ජන සමාජයෙන්ද ඊට සැලකිය යුතු විරෝධයක් එල්ල විය. 2018 වසරේ මෙම ස්මාරක පිහි‍ටුවීම සිදුකර තිබිණි. මෙය පසුගිය 08 වෙනිදා රාත්‍රියේ බැකෝ යන්ත්‍ර යොදා විනාශ කිරීමට විරෝධය පා විශ්ව විද්‍යාල සිසුන් උපවාසයක් ආරම්බ කිරීමටද කටයුතු කර තිබිණි. එසේම අද දින් උතුරු පළාතේ හර්තාල් ව්‍යපාරයක් දියත් කිරීමේ සැලසුමක්ද ක්‍රියාත්මකව තිබිණි.

කෙසේ නමුත් ඊයේ රාත්‍රියේදී වි.වි. උපකුලපතිවරයා සහ ශිෂ්‍යයන් අතර වූ සාකච්ඡාවෙන් අනතුරුව නැවත ස්මාරකය ගොඩනැගීමට එකඟ වී තිබේ. ඒ අනුව ශිෂ්‍ය උපවාසයද නතර කෙරිණි.

මළවුන් සිහි කිරෙම පිණිස ඕනැම පුරවැසියකුට අයිතියක් තිබෙන අතර ඒ වැලක්වීමට ක්‍රියාකිරීම මානුෂික නොවේ. උතුර මිය ගිය දෙමළ ජාතිකයන් සැමරීම ගැන මේ තුල දේශපාලනික ආරවුලක් වත්මන් පලනයට තිබිය හැකි නමුදු එම ගැටලුව බේරාගත යුත්තේ මේ මානුෂික අවශ්‍යතා කුඩුපට්ටම් කර දැමීමෙන් නොවේ. ඊට අවශ්‍ය වන්නේ දේශපාලනික විසඳුමකි.

j 1j 2

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us