ආයතන සදහා අද සිට විශේෂ සෝදිසි මෙහෙයුමක්  

Published in පුවත්
Monday, 11 January 2021 11:13

2020 ඔක්තෝම්බර් 15 වැනි දින නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අදාළව ආයතන තුළ කටයුතු සිදු වන්නේ ද යන්න සොයා බැලීම සදහා අද සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.


එම මෙහෙයුම විශේෂයෙන් බස්නාහිර පළාත තුළ සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිත ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

රජය විසින් නිකුත් කල එම ගැසට් පත්‍රය අනුව කිසියම් ආයතනයක් / කාර්යාලක් හෝ කර්මාන්ත ශාලාවක්,

* දෑත් පිරිසිදු කර ගැනීමට පහසුකම් සලසා තිබීම
* ඇතුළුවන සියල්ලන්ගේ උෂ්ණත්වය මැනීම
* ඇතුළුවන සියල්ලන්ගේ නාම ලේඛනයක් පවත්වා ගැනීම
* දුරස්තභාවය රැකීම
* දිනකට කිහිප වාතාවක් උෂ්ණත්වය මැනීම

යන කරුණු පිළිබඳ අවධානය යොමු නොකිරීම නිරෝධායන නීතින් යටතේ වරදක් වන බවත් එලෙස ක්‍රියා නොකරන ස්ථාන සදහා නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ආයතන බලධාරින්ට දැනුම් දෙයි.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us