කොවිඩ් එන්නත ලබා දීමේදී සුවසැරිය කාර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වය  

Published in පුවත්
Wednesday, 13 January 2021 13:41

එන්නත් ලබාදීමේදී සුවසැරිය ගිලන්රථ සේවයට ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සදහන් කර තිබේනවා.

1990 සුවසැරිය ගිලන්රථ සේවය කොවිඩ් 19 පාලනයේදී සැලකිය යුතු කාර්යභාර්යක් ඉටුකරනු ලබන අතර ඔවුන් කොවිඩ් 19 පාලනයේදි ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස හැදින්විය හැකි බැවින් එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බවයි රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ආයතනයේ නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ.

කොවිඩ් රෝග පාලනය සදහා මගීන් ප්‍රවාහනයට අදාල සියලු උපකරණ වලින් සමන්විත මෙම ගිලන්රථ සේවය ,රථ 297කින් සහ රියදුරන් ඇතුළු සම්පූර්ණ කාර්ය මණ්ඩලය 1399කින් යුක්ත වන අතර මෙය ජනතාවට සම්පූර්ණයෙන්ම නොමිළේ ලබාදෙන සේවාවකි. සුවසැරිය ගිලන්රථයක සේවාව සදහා එක් දිනක එක් කාර්යක් සදහා සාමාන්‍ය වියදම රු.5332ක මුදලක් වන අතර ,මේ සදහා පසුගිය මාස 10ක වියදම රු.මිලියන 1500කට අධිකය.

කොවිඩ් 19 හමුවේ සුවසැරිය ගිලන්රථ සේවය සිදුකරනු ලබන කාර්ය භාර්ය, එහි මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබදව නිරීක්ෂණයට ලක්කල රාජ්‍ය අමාත්‍යවරිය ආයතනයේ පවතින අඩුපාඩු, ඉදිරි සැලසුම් සහ ඉදිරියේ ක්‍රියාකල යුතු ආකාරය සම්බන්ධයෙන් ආයතනයේ බලධාරීන් සමග සාකච්ඡා කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us