2019 දී දරුවන් 36,783 ක් අතරමගදී පාසල් අත්හැරලා !

Published in පුවත්
Friday, 15 January 2021 11:27

වර්ෂ 2019 යේදී පාසල් සිසුන් තිස්දහස් හත්සිය අසූ තුන්දෙනකු නියමිත කාලයට හෝ පාසල් හැරගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ​ලේඛන දෙපාර්තමේන්තුවෙ අනාවරණය කරයි.

එම වසරේදී පළමුවැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් මෙලෙස පාසල් හැරගොස් ඇති අතර පළමු ශ්‍රේණියට සිසුන් තුන් ලක්ෂ තිස්තුන්දහස් හැත්තෑ හතර දෙනෙකු ඇතුළත් වී ඇති නමුත් ඉන් සිසුන් එකසිය හැටක් දෙවැනි ශ්‍රේණිය දක්වා පැමිණ නැත.

එමෙන්ම දෙවැනි ශ්‍රේණියේදී සිසුන් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු පාසල් හැරගොස් තිබේ.

සිව්වැනි ශ්‍රේණියෙන් සිසුන් එකසිය තිස්අට දෙනෙකුද පස්වැනි ශ්‍රේණියෙන් සිසුන් දෙදහස් හාරසිය එකොළොස්දෙනෙකු පාසල් අධ්‍යාපනයට සමුදී ඇත.

එමෙන්ම පස්වැනි ශ්‍රේණියේ සිට 6 වැනි ශ්‍රේණියට පැමිණ නැති සිසුන් ගණන අටසිය දහසයකි.

හය ශ්‍රේණියේ සිට හත ශ්‍රේණියට පැමිණීමේදීද සිසුන් තුන්දහස් හතළිහක් පාසලට සමුදී ඇත. හත්වැනි ශ්‍රේණියෙන් 8 වැනි ශ්‍රේණියට පැමිණීමේදී සිසුන් තුන්දහස් හත්සිය අසූ පහක් පාසල හැරගොස් තිබේ.

තවද අට ශ්‍රේණියට පැමිණි මුළු සිසුන්ගෙන් හාරදහස් එකසිය විසිහතක් නවය ශ්‍රේණියට පැමිණ නැත. නවය ශ්‍රේණීයේ සිටි සිසුන්ගෙන් හත්දාස් පන්සිය විසිහතරක් දහවැනි ශ්‍රේණීයට පැමිණ නැත.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් නොයන දරුවන් 529 දෙනෙකු සිටින බව අනාවරණය වේ. ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 35 ඇතුළත පාසල් නොයන දරුවන් 210 දෙනෙකු සිටින බව කියයි. මේ පාසල් නොයන දරුවන් වැඩිම ගණනක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද ග්‍රාම නිලධාරී වසම් 42ක පාසල් නොයන දරුවෝ 95 දෙනෙක් වෙති. රත්මලාන කොට්ඨාසයේ දරුවන් 55 දෙනෙකු, කොළොන්නාව කොට්ඨාසයේද 54 දෙනෙකුද සිටින බව සඳහන් වේ.

සීතාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් 49 දෙනෙකු පාසල් නොයයි. තිඹිරිගස්යාය කොට්ඨාසයේ දරුවන් 23 දෙනෙකුද කඩුවෙල කොට්ඨාසයේ දරුවන් 25 දෙනෙකු පාසල් යන්නේ නැත.

කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 අතරින් දෙහිවල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ මහරගම කොට්ඨාස තුනෙහි පාසල් නොයන කිසිදු දරුවන් වාර්තා වී නොමැත.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us