නිරෝධායන හෝටල් ගාස්තු අඩු කිරීමට පියවර  

Published in පුවත්
Sunday, 17 January 2021 12:01

නිරෝධායනය සඳහා හෝටල්වලට යොමු කෙරෙන පිරිසට යම් ගාස්තු අඩුවීමක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ පිළිබදව අදහස් දැක්වූ හමුදාපතිවරයා,

"විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමවේද 2ක් යටතේ ලංකාවට ගේනවා. විශේෂයෙන් මැදපෙරදිග සිට පැමිණෙන ලාංකිකයන්ට තමයි මේ ප්‍රශ්නය වැඩිපුරම බලපාලා තිබුණේ. එකක් තමයි රජයේ මැදිහත්වීමෙන් සූදානම් කරපු ගුවන්යානා මගින් දිනකට එක බැගින් ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම. ඒවගේම විවිධ රටවල්වලින් විවිධ ගුවන්යානා සමාගම්වලින් ගුවන් යානා ලංකාවට පැමිණෙනවා. ඒ පැමිණෙන ගුවන්යානාවලත් ශ්‍රී ලාංකිකයන් 75කට ආසන්න සංඛ්‍යාවක් රැගෙන ඒමට අපි අවසර දීලා තියෙනවා. මෙන්න මේ එන්නේ හෝටල්වලට එන්න ඕන කට්ටිය. 300ක් විතර ගේන්න පුළුවන් ගුවන් යානයක තමයි 50ක් 75ක් ගේන්නේ. මෙන්න මේ නිසා වෙන්න ඇති ටිකට් පත වැඩි ගණනකින් ගන්න වෙලා තිබුණේ. අපි පැහැදිළිව දැනුම්දීලා තියෙනවා අපේ ජනතාවට මේක කරන්න එපා කියලා. දැන් යම්කිසි ආකාරයකින් අඩු කිරීමක් තිබෙනවා. අනික් කරුණු තරු 4 සහ කරු 5 හෝටල්වලට 7,500යි 12,500යි කියලා දුන්නා. පසුකාලීනව අනෙක් හෝටලුත් ඉල්ලුවා නිරෝධායනය කරන්න. ඊට පස්සෙ තමයි ප්‍රශ්න ඇති වෙන්න ගත්තේ. ඊයේ දිනයේ අපිට හෝටල් හිමියන් ගණන් දීලා තිබුණා. තරු 5, තරු 4, තරු 3 සහ ඊට පල්ලෙහා හෝටල්වල. අපි කළ සාකච්ඡා අනුව හෙට හෝ අනිද්දා අය කරන ගාස්තු අඩු කිරීමක් ලැබෙයි." යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us