ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත ලබාදුන් 30ක් මරුට  

Published in පුවත්
Monday, 18 January 2021 09:51

නෝර්වේහි මේ වන විට අනුමැතිය ලැබී ඇති ප්‍රධානම එන්නතක් වන ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත ලබාදුන් වියපත් පුද්ගලයන් 30කට ආසන්න සංඛ්‍යාවක් එම එන්නත ලබා ගැනීමෙන් පසුව මරණයට පත් වී ඇති බව වාර්තා වෙනවා.

බොහෝ රටවල් මෙම එන්නත් තම ජනතාවට ලබාදීම සඳහා අනුමත කරමින් සිටියදී ,මෙම තත්ත්වයත් සමග විවිධ නිදන්ගත රෝග ආදියෙන් පෙළෙන වියපත් අයට මෙම එන්නත් ලබාදීම අනතුරුදායක විය හැකි බවට එරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉතා සාමාන්‍ය මට්ටමේ අතුරු ආබාධ පවා ඇතැම් විට රෝග සහිත දුර්වල සහ වියපත් පුද්ගලයන්ට දරුණු ලෙස බලපෑ හැකි බවත් කෙසේ වෙතත් මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් මරණ පරීක්‍ෂණ සිදු කරමින් ඇති බවත්, මරණවලට හේතුව එන්නත් නිසා හටගත් අතුරු ආබාධ විය හැකි යැයි විශ්වාස කරන බවත් එරට බලධාරීන් පවසා ඇත. නමුත් තරුණ සහ නිරෝගී පුද්ගලයන් මෙම තත්ත්වය ගැටලුවක් කරගත යුතු නොවන බවද ඒ පිළිබඳ විශේෂඥයෝ අවධාරණය කරන බවත් වාර්තා වේ.

මෙම සිදු වීමත් සමග එන්නත පිළිබදව ලොව පුරා විශාල අවධානයක් යොමු ව ඇත. මේ අතර එන්නත නිපදවූ ෆයිසර් – බයෝඑන්ටෙක් පාර්ශ්වය නෝර්වේහි බලධාරීන් සමග එක්ව මේ පිළිබඳ සොයා බලන බවද වාර්තා වේ. ෆයිසර් සමාගම පවසා ඇත්තේ මෙතෙක් වාර්තා වී ඇති සිදුවීම් බොහොමයක් බලාපොරොත්තු වූ සීමාවෙහි පවතින බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us