දුර ගමන් සේවා දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ  

Published in පුවත්
Monday, 18 January 2021 11:08

කොරෝන වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ දුර ගමන් සේවා දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කල බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුර ගමන් සේවා ධාවනය අද සිට සිදුකෙරේ.

ඒ අනුව,

ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවි දුම්රිය, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන උත්තරදේවි දුම්රිය, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය අද සිට සාමාන්‍ය කාලසටහන් අනුව ධාවනය කෙරේ.
මීට අමතරව කොළඹ කොටුව – මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, මරදාන – බෙලිඅත්ත දුම්රිය, කොළඹ කොටුව – මාතර සීඝ්‍රගාමී දුම්රිය ද අද සිට සාමාන්‍ය කාල සටහන් අනුව ධාවනය කෙරේ.
මේ අතර ලබන 25 වැනි දා සිට සියලු දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනයට ද සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us