බූස්ස සතොස තොග සංස්ථාවේ කළමණාකරුගේ වැඩතහනම්  

Published in පුවත්
Monday, 18 January 2021 13:25

බූස්ස සතොස තොග සංස්ථාවේ කළමණාකරුගේ වැඩතහනම් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන නියමකර තිබේනවා.

අමාත්‍යවරයා ඊයේ (17) පස්වරුවේ බූස්ස සතොස ගබඩා සංකීර්ණයේ නීරික්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර එහිදී රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාව මගින් බෙදාහරින සාමාන්‍ය වෙළෙඳපොළ මිළෙන් රු. 30ක් අඩුවෙන් විකිණීම සඳහා සතොස තොග ගබඩාව වෙත ලබා දී තිබූ තේ 100g පැකට් විශාල ප්‍රමාණයක් රෙදි සෝදන සබන් සමඟ ගබඩා කර තිබෙන බව දුටු අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇත.

වත්මන් රජයෙන් ක්‍රියාත්මක කළ මෙම පාරිභෝගික සහන සැලසීමේ මහා පරිමාණ ව්‍යාපෘතීන් කඩාකප්පල් කිරීමටත් පුද්ගලික අංශයේ මිළෙන් වැඩි භාණ්ඩ අලෙවි කරමින් පාරිභෝගිකයා අපහසුතාවයට පත් කිරීමට කටයුතු කර ඇති මෙම අවස්ථාවේදී විධිමත් විමර්ශනයක් පවත්වා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමත්‍යවරයා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස්ට නියෝග කර තිබේ.

තවද මෙයට සම්බන්ධ වූ එම නිලධාරියා ඇතුළුව මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කිරීමට ඍජුව හා වක්‍රව දායක වූ සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු බව එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන සභාපතිවරයාට දැනුම් දී තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us