පාස්කු බෝම්බකරුවෙකු ගේ පියා ලබන 2වෙනිදා අධිකරණයට !  

Published in පුවත්
Wednesday, 20 January 2021 13:00

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාර් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ලබන 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබේ.

පැමිණිල්ල අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් විසින් එම නියෝගය දුන් බවයි වාර්තා වන්නේ.

එම බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය සලකා බැලීමෙන් පසුව අදාළ සැකකරු තවදුරටත් ලබන 02 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

එදින ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර තිබේනවා.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම ඊයේ දිනයේ අවසන් කර තිබේන බව කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා.

පාස්කු ප්‍රහාරය සිදුවීම වූ කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ශානී අබේසේකර ඊයේ දිනයේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණීමට නියමිතව තිබුණ ද ඔහු එම අවස්ථාවට සහභාගී වී නොමැති බවයි වාර්තා වුනේ.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේ දී හිටපු අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබාදෙනු ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර ඊයේ දිනයේ දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ උමීර් මොහොමඩ් නැමැත්තා සාක්ෂි ලබාදෙනු ලැබීය.

ඔහුගේ සාක්ෂි විමසීමත් සමග කොමිෂන් සභාව සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසිම අවසන් කළ බව ද කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Last modified on Wednesday, 20 January 2021 13:03

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us