එ.ජා.පයේ නව තනතුරු ලත් නිලධාරීන් වැඩ අරඹයි  

Published in පුවත්
Thursday, 21 January 2021 12:44

එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලට පත්කළ නිලධාරීන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මිට සුළු වේලාවකට පෙර සිය රාජකාරි ආරම්භ කළා.

සියලු ආගමික වතාවත්වලින් අනතුරුව තනතුරු ලත් නිලධාරීන් සිය පත්වීම භාරගත් බවට වූ ලිපිය පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රදානය කිරීම සිදු කෙරුණා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙසේ ලිපි ලබාදීම සිදු කර ඇත්තේ.

පක්ෂයේ උප සභාපති ධුරයේ කටයුතු කළ නොහැකි බව සදහන් කළ රවී කරුණානායක අද උත්සවයට පැමිණ නොසිටි බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම පක්ෂයේ භාණ්ඩාගාරික ඒ එස් එම් මිස්බාහ්, උප සභාපතිවරුන් වන සාගල රත්නායක සහ දයා ගමගේ යන අයද සිය පත්වීම් භාරගත් බවට ලිපි ලබාදීමේ කාර්යයට එක් වී නොමැත.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us