බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන්ට එරෙහි ව්‍යාජ ඔප්පු නඩුව කැදවයි

Published in පුවත්
Thursday, 21 January 2021 13:38

ව්‍යාජ ඔප්පු සකස්කර තලෙයි-මන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80කට අධික ඉඩමක් විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබී තිබෙන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් අද විවෘත අධිකරණය හමුවේ දැනුම් දී ඇත.

එම පැමිණිල්ල අද (21) කැඳවනු ලැබූ අවස්ථාවේදී අගතියටපත් පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් නඩු දිනයේදී අධිකරණය හමුවේ ප්‍රකාශකළ ද මේ දක්වා එවැනි පියවරක් ගෙන නොමැති බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එම සිද්ධියට සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මැයි මස 6 වනදා අධිකරණය හමුවේ ගොනුකර ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us