දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේ  

Published in පුවත්
Friday, 22 January 2021 15:13

කොවිඩ්-19 ආසාදිතයින් 887 දෙනෙකු ඊයේ (21) දිනයේ හදුනා ගැනීමත් සමග එය මෙරටින් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ.

දිස්ත්‍රික්ක 25න්ම ඊයේ දිනයේ ආසාදිතයින් හමු වී ඇති අතර ඉන් 50%ක් පමණ වාර්තා වී ඇත්තේ කොළඹ, කලුතර සහ ගම්පහ (බස්නාහිර පළාත) යන දිස්ත්‍රික්ක තුනෙන් බවයි වාර්තා වන්නේ.

දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගත් අතර එය දැක්වෙන්නේ 337 ක් ලෙසයි.

කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 48 දෙනෙක්, ගල්කිස්ස ප්‍රදේශයෙන් 32ක්, මරදාන ප්‍රදේශයෙන් 29 දෙනෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 24ක් සහ පිළියන්දල ප්‍රදේශයෙන් 21 දෙනෙක් ලෙස ආසාදිතයින් ඊයේ කොළඹින් හඳුනාගෙන තිබුණි.

මීට අමතරව ඊයේ දිනයේදී වාර්තා වූ රෝගීන් 887 දෙනා අතරින් 136 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, 71 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන්ද, 51 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන් ද, 49 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 33 දෙනෙකු, අම්පාර දිස්ත්‍රික්කයෙන් 29 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 21 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව 2020 ජනවාරි මස සිට මේ දක්වා මෙරටින් හමුවී ඇති සම්පුර්ණ කොවිඩ් ආසාදිතයින් ගණන 56,076ක් බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us