කොවිඩ් නොතකමින් දිනෙන් දින ඉහළ යන කර්මාන්ත අංශයේ වර්ධනය  

Published in පුවත්
Saturday, 23 January 2021 11:18

කොවිඩ් වසංගතය හමුවේ වුව ද රට නිවැරැදි ආර්ථික දිශානතියක ගමන් කරමින් ඇති බව සංඛ්‍යාත්මකව සනාථ කරමින් 2020 වසරේ දෙවැනි කාර්තුවේ දී ඊට පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව කර්මාන්ත අංශයේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් අමාත්‍යාංශය කියයි.

ආනයන සීමා කිරීම, පීඩාවට පත් ව්‍යාපාර වෙනුවෙන් කාරක ප්‍රාග්ධනය සහ ප්‍රතිමූල්‍ය පහසුකම් ලබා දීම ඒ අතර ප්‍රධාන වේ. විශේෂයෙන් ම කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යළි පණ ගැන්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය මගින් ප්‍රතිමූල්‍ය පහසුකම් සැලසීම කර්මාන්ත අංශයේ වර්ධනය සඳහා දායක වී ඇත. පීඩාවට පත් ව්‍යාපාර 63,000කට ආසන්න ප්‍රමාණයකට මේ වන විට එම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණයවල වටිනාකම රුපියල් බිලියන 180කට ආසන්නය.

2020 වසරේ තුන් වැනි කාර්තුවේ දී 2019 වසරේ එම කාර්තුවට සාපේක්ෂව මෙරට නිෂ්පාදන කර්මාන්ත අංශයේ 5.3%ක කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2020 වසරේ තුන්වැනි කාර්තුවට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම කාර්තුවේ සමස්ත කාර්මික ක්‍රියාකාරකම් 0.6%ක වර්ධන වේගයක් වාර්තා කර ඇති බවයි.

කොවිඩ් පළමු රැල්ලෙන් පසු රට යළිත් විවෘත කර නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් යළි ආරම්භ වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ධනය සිදුව ඇත.

මෙම කාලය තුළ වැඩි වර්ධනය අත් කර ගන ඇත්තේ රසායනික නිෂ්පාදන සහ මූලික ඖෂධ නිෂ්පාදනයයි. එම වර්ධනය දැක්වෙන්නේ 13.1%ක් ලෙසිනි. දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.9%ක දායකත්වයක් සපයන ආහාරපාන සහ දුම්කොළ නිෂ්පාදන ක්‍රියාකාරකම් ද සැලකිය යුතු ලෙස 11.5%ක වර්ධනයන් අත්කරගෙන තිබේ. මීට අමතරව රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය 4.8%කින් ද වෙනත් ලෝහ නොවන වාණිජමය ද්‍රව්‍ය නිෂ්පාදනය 4.2%කින් ද ඉහළ යමින් සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.

2020 වසරේ ජූලි මස 01 දා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව සඳහා දළ දේශීය නිෂ්පාදිතය ඇතුළු අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශයට අනුව පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් යටතේ ඇස්තමේන්තු කර මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වෙතත් මෙම කාර්තුව තුළ දී කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ බලපෑම මත ඉදිකිරීම් කර්මාන්තයේ 9.1%ක පසුබෑමක් වාර්තා කරයි. පතල් කැණීම් ක්‍රියාකාරකම්වල ද 6.8%ක පහළ යාමක් පෙන්නුම් කෙරේ.

-ITN News

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us