ආසාදිතව සිටි තවත් 644 ක් අද පුර්ණ සුවය ලබයි  

Published in පුවත්
Saturday, 23 January 2021 19:00

කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් පුද්ගලයින් 644 දෙනෙකු අද දින (23) පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 49, 261ක් දකවා ඉහළ ගොස් ඇත.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 56,863ක් වන අතර රෝගීන් 7324දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද (23) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 353ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.

මේ අතර කොවිඩ් ආසාදිත රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ආශ්‍රිතයෙකු ලෙස හදුනාගත්, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස්ට සිදුකර තිබූ PCR පරීක්ෂණ වාර්තාව මගින් ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබේනවා.

අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සහ කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසකට එළෙස PCR පරීක්ෂණ සිදුකර තිබූ අතර ඔවුන් කිසිවෙකු ඉන් ආසාදින නොවන බවට තහවුරු වී ඇත.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us