බස්නාහිර පාසල් බස් රථවල රියැදුරන්ගේ රැපිඩ් පරීක්ෂණ වලින් 3කට කොවිඩ්  

Published in පුවත්
Tuesday, 26 January 2021 11:46

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසක් මේ දක්වා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

පාසල් වාහනවල රියදුරන් හා පොදු ප්‍රවාහන සේවාවල කොන්දොස්තරවරුන්ටත් , බස්නාහිරින් පිටවන වාහනවල ගමන් ගන්නා අයටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව පොලිස්පතිවරයා සදහන් කරයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ සේවය කරන නිලධාරීන් 15 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිත බවට අද දිනයේ හදුනාගනු ලැබුවා.

එම කාර්යාලයේ කිහිපදෙනෙකුට සැක සහිත රෝග ලක්ෂණ මතුවීම නිසා ඊයේ (25)දිනයේ ඔවුන් පෞද්ගලිකව PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරගෙන තිබේනවා. එහිදී අසාදිතයන් හදුනාගැනුනේ.

මෙම කාර්යාලයේ සේවය කරන තවත් පිරිසකට උණ සහ සැක සහිත රෝග ලක්ෂණ ඇති බවට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට තොරතුරු ලැබීමෙන් පසු එම කාර්යාලයේ 100 දෙනෙකුට PCR පරීක්ෂණ සහ තවත් 31 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබුණි.
එහිදී ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ පිරිසෙන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැණුනා. PCR පරීක්ෂණ සිදුකළ පිරිසගේ ප්‍රතිඵල ලැබීමට නියමිතයි.

පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ සේවා ලබාගැනීමට පැමිණි පිරිස් සිටීනම් ඔවුන් මේ සම්බන්ධව වැඩි අවධානයකින් පසුවිය යුතු බවත් සැක සහිත රෝග ලක්ෂණ පවතින එවැනි පිරිස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමට හෝ PCR, ඇන්ටිජන් වැනි පරීක්ෂණ සිදුකර ගැනීමට කටයුතු කරන ලෙසද සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දෙයි.

මේ අතර ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක නේවාසිකයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව වාර්තා වේ.
වැඩිහිටි නිවාසයේ සිටි නේවාසික කාන්තාවක් දියවැඩියා රෝගි තත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කල අවස්තාවේදී සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවේදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත .
ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ වැඩිහිටි නිවාසයේ සිටින නේවාසිකයින් 53 දෙනා ක්ෂණික ප්‍රතිදේශය පරික්ෂණයකට කල් කර තිබේ.
එම පරීක්ෂණ වාර්තාවට අනුව මෙම ආසාදිතයින් සිව්දෙනා හඳුනා ගෙන ඇත.

සෞඛ්‍ය නීති කඩකරමින් බස්නාහිර පළතේ මුඛ ආවරණ නොපැළඳි සහ දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 24 දෙනෙකු ගතවු පැය 24 තුළ සිදුකළ වැටලීම් වලින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මීට අමතරව සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් ක්‍රියාත්මක නොකළ ආයතන 88ක් ද හඳුනාගත් බවත් ඊට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පතිවරයා සදහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us