මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට තොග වෙළඳුන්ගේ විරෝධය  

Published in පුවත්
Wednesday, 27 January 2021 11:11

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා.

අදාළ චක්‍රලේඛයෙන් සිදුවන බලපෑම පිළිබඳ විමසා බැලීම සඳහා ඊයේ (26) දින වෙළෙඳ අමාත්‍යාංශයේ විෂය භාර ඇමැති බන්දුල ගුණවර්ධන සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම විරෝධය පළව ඇත්තේ.

ශ්‍රී ලංකා මහා බැංකුව වාණිජ බැංකුවලට මාස තුනක කාලයක් සඳහා ‘ඉදිරි විනිමය ගිවිසුම්වලට’ එළැඹීම තහනම් කර තිබේ. මහා බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ගේ නියෝග මත පෙරේදා (25 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි මීට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

මෙම නියෝගය හේතුවෙන් සීනි පරිප්පු සහ ඖෂධ ඇතුළු සියලුම භාණ්ඩ ආනයනකරුවන්ට තමන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් ගෙවීම් කිරීමට සිදුවන්නේ භාණ්ඩ මෙරටට ලැබෙන අවස්ථාවේ පවතින ඩොලරයේ අගයට අනුවය. එනම් ඩොලරයේ අගය ඉහළ යනු ඇති අපේක්ෂාවෙන් භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් බාහිර වෙළෙඳපොළෙන් (වාණිජ බැංකු හරහා) නියමිත අගයකට ඩොලර් මිලදී ගැනීමේ හැකියාව මෙම නියෝගයෙන් අත්හිටුවා ඇත.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය පිළිබඳ අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පවසා ඇත්තේ ඉදිරියේ දී ඩොලරයේ මිල යළිත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මෙලෙස ඩොලර් මිලදී ගැනීම සඳහා ‘ඉදිරි ගිවිසුම්’වලට එළැඹීම අත්හිටුවීමෙන් වෙළෙඳුන්ට බලපෑමක් එල්ල නොවන බවයි. එසේම මෙය තාවකාලික පියවරක් බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us