මානව හිමිකම් සම්බන්ධයෙන් මෙරට සමග සමීපව කටයුතු කරන්න යුරෝපා සංගමය එකඟවේ

Published in පුවත්
Wednesday, 27 January 2021 11:52

මානව හිමිකම් සහ ප්‍රතිසංවිධාන ගැටලු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ මෙරට රජය එකඟ වී තිබේ.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය සිය 23 වන ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පසුගියදා පැවත් වූ අතර එහිදී එම එකඟතාවයට පැමිණි බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

යුරෝපා සංගමයේ සහ මෙරට නව නායකත්වයන් යටතේ පැවති පළමු ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම ද මෙයවීම විශේෂත්වයකි.

එම සංගමයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින කැමැත්ත යළි තහවුරු කරමින් යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව පුළුල් විෂයන් රැසක් යටතේ අදහස් හුවමාරු කරගත් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

වෙළඳ සම්බන්ධතා වැඩි දියුණු කිරිමේ වැදගත්කම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබේ.

GSP ප්ලස් යටතේ යුරෝපා සංගමය විසින් මෙරටට ප්‍රදානය කළ ඒකපාර්ශ්වික තීරුබදු සහනය මගින් මෙරට ආර්ථිකයට සැලකියයුතු අන්දමේ දායකත්වයක් ලබාදී ඇති බවට අදහස් හුවමාරු වී ඇත.

මෙරට සිට යුරෝපා සංගමය වෙත කරන අපනයන යුරෝ බිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එමගින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පවත්ව ඇති බව සඳහන් ය.

ලබාදී ඇති තීරුබදු සහන වඩාත් හොඳින් භාවිත කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා රජය සතුව පවතින බව ඒකාබද්ධ කොමිෂන් සභාව පිළිගත් බවද විදේශ අමාත්‍යාංශය පවසයි.

-අද දෙරණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us