FB ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කල තැනැත්තාගේ සන්නිවේදන ජාලයක් තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්

Published in පුවත්
Monday, 01 February 2021 15:05

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කල මොහොමඩ් ෆසාල් නිසාර් නමැති සැකකරු විසින් පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයක් තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මුහුණු පොත ඔස්සේ සංහිඳියාවට හානිකර ආකාරයේ ප්‍රකාශ හා භික්ෂූන් වහන්සේලාගේ ගෞරවයට හානි වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි චෝදනා මත මොහු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ අතර එහිදී මෙම තොරතුරු අනාවරණය විය.

කෙසේ වෙතත් මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියෙහි කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව මෙම සැකකරු විසින් අදාළ සන්නිවේදන ජාලය පවත්වාගෙන ගොස් ඇති බවය.

එම සන්නිවේදන ජාලය තුළ පුද්ගලයින් 494 දෙනෙකු පමණ සිටින බවත් ඊට මුස්ලිම් දේශපාලනඥයෙකු ද ඇතුළත්ව සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සන්නිවේදන ජාලය තුළ සිටින ඇතැම් පුද්ගලයින්ගේ තොරතුරු සාවද්‍ය බවත් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි.

ඒ අනුව, පැමිණිල්ල නැවත ලබන 25 වනදා කැඳවීමට නියමකළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us