රංජන් යොමුකළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Published in පුවත්
Tuesday, 02 February 2021 09:00

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (01 වැනිදා) මෝසමක් ඉදිරිපත් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබේනවා.


අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනගත කිරීම සඳහා නීති ප්‍රතිපාදන නොමැති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය ලියාපදිංචි කිරීම, ප්‍රතික්ෂේප කර තිබේන බවයි වාර්තා වන්නේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මහතාට පසුගිය 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කෙරුණි.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මගින් මෙම මෝසම ඉදිරිපත් කෙරුණු අතර ඒ සමගම දිවුරුම් පෙත්සම් සහ අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කරඇති බවයි වාර්තා වෙන්නේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us