බඩ ඉරිඟු වගාව සඳහා අක්කර 2,750 ක් දේශීය ආයෝජකයින්ට ලබාදීමට කැබිනට් අනුමැතිය  

Published in පුවත්
Tuesday, 02 February 2021 11:16

ඌන භාවිතයේ පවතින අක්කර 2,750 ක් බඩ ඉරිඟු වගාව සඳහා දේශීය ආයෝජකයින්ට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේනවා.

මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන්ඔය කලාපයේ හඳුනාගත් රක්ෂිතයන්ට අයත් නොවන ඌන භාවිතයේ පවතින ඉඩමක් මේ සදහා යොදා ගෙන ඇත්තේ.
ඒ අනුව හඳුනාගත් දේශීය ආයෝජකයින් වෙත වසරක කාලයක් සඳහා බදු පදනම මත අදාළ ඉඩම් කොටස් වෙන් කර දීමට නියමිතයි.

තව ද වගාවේ සාර්ථකත්වය මත ඉඩම් ආඥා පනතේ විධිවිධානයන්ට අනුව ඉදිරියේදී දිගුකාලීන බදු පදනමෙන් අදාළ ඉඩම් කොටස් ලබා දෙන බවට ද අදාළ යෝජනාවේ සඳහන් ය.

බඩ ඉරිඟු ආනයනය අත්හිටුවා ඇති පසුබිමක් තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනය සහ සත්ත්ව ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා බඩ ඉරිඟු වගාව සඳහා දේශීය ආයෝජකයින් මහා පරිමාණයෙන් සඳහා දිරි ගැන්වී‌ම මෙහි අරමුණයි.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us