චීන සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට

Published in පුවත්
Friday, 05 February 2021 08:33

චීනයේ නිෂ්පාදිත සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට ගෙන්වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කර තිබේ.

ඔහු පවසන්නේ මෙම එන්නත් තොගය චීනයේ පරිත්‍යාගයක් බවත් ,එම එන්නත් මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ ලියකියැවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරියට අද (05 වැනිදා) දින භාර දීමට නියමිත බවත්ය.

එසේම ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගමේ එන්නත සහ රුසියාවේ ස්පුට්නික් එන්නත සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ ලියකියැවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරියට මේ වන විටත් යොමු කර ඇති බවද සභාපතිවරයා එහිදී සදහන් කර තිබෙනවා.

මේ අතර කොවිඩ් මර්දන එන්නතක් වන එංගලන්තයේ නිෂ්පාදනය කර ඇති ‘ෆයිසර්’ එන්නතද මෙරටට ගෙන ඒම සඳාහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටු නියෝජිතයන් හා ‘ෆයිසර්’ එන්නත නිෂ්පාදනය කළ රටේ විශේෂඥවරු සමග ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට කීපයක් පැවැති වූ බව ජාතික ඖෂධ නියාම අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කරයි.

කෙසේ නමුත් අදාළ එන්නත සම්බන්ධයෙන් වූ ලියකියවිලි ජාතික ඖෂධ අධිකාරියේ විශේෂඥ කමිටුව වෙත ඉදිරිපත් කරන මෙන් ඉල්ලීම් කර ඇති බවත් ලියකියවිලි ලැබුණු පසුව ඒවා මුල සිට විශේෂඥ කමිටුව මගින් පරීක්ෂා කර එන්නත මෙරටට ගෙන ඒමට හැකිවන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයකට එළැඹෙන බව වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us