නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් රටපුරා මෙහෙයුම්

Published in පුවත්
Saturday, 06 February 2021 14:27

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඊයේ දිනයේ (05) විශේෂ වැටලීම් කිහිපයක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කැබැතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන් විසින් ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 18ක් සොයාගෙන තිබේ.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනඇති අතර ඔවුන් කොළඹ 09 සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මේ අතර පානදුර උතුරු පොලිස් ස්ථානය මගින් හොරේතුඩුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.

මාලිගාවත්ත, ගල්කිස්ස, මෝදර ආදී ප්‍රදේශවලදී ද එවැනි වැටලීම් සිදුකර තිබුණි.

දිවයිනේ තවත් ප්‍රදේශ රැසකදී ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුවූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේ අතර කල්පිටිය කලපු ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී කූඩුදැල් 37 සොය ගැනුනා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 6 කට ආසන්න බවයි පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සුමින්ද වික්‍රමාරච්චි සදහන් කරන්නේ.

කූඩු දැල් භාවිත කරමින් මසුන් මැරීම ධීවර ආඥාපනත අනුව සම්පූර්ණයෙන්ම තහනම් වනවා. මෙම කූඩුදැල්වලට කුඩා ප්‍රමාණයේ මසුන් සහ ඉස්සන් පැටලී හානි සිදුවීම ඊට හේතුවයි. කූඩුදැල් භාවිතයෙන් මසුන් මැරීම හේතුවෙන් බොහෝකලපු මල කලපු බවට පත්වන බවයි ධීවර නිලධාරීන් පවසන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us