පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජනතා අදහස් හා යෝජනා ලබා ගැනේ

Published in පුවත්
Monday, 08 February 2021 17:18

පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේනවා.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම එමගින් අපේක්ෂා කෙරේ.

ඒ අනුව, වර්තමානයේ පවතින පනත සංශෝධනය කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් පුරවැසියන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ යෝජනා ලබන මාර්තු මස 15 වන දිනට පෙර අදාළ කෙටුම්පත සම්පාදනය කිරීමේ ක්‍රියාකාරී කමිටුව වෙත ඉදිරිපත් කළ හැකිවේ.

ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, ඇසිදිසි මැදුර, කිරුලපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 5 යන ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනය හරහා අදාළ යෝජනා ඉදිරිපත් කළ හැකි බව ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us