දේශපාලන පළිගැනීම් සොයා බැලූ ජනාධිපති කොමිසම නිකුත් කර නිර්දේශයක් බලරහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක්

Published in පුවත්
Wednesday, 10 February 2021 09:25

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම නිකුත් කර තිබෙන නිර්දේශයක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.

අදාළ පෙත්සම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ආර්.ආර් රාසමානික්කම් විසින් ගොනුකර තිබු අතර පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලුනි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව, එහි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එම කොමිසමේ සාමාජික දයා චන්ද්‍රසිරි ජයතිලක, එහි සාමාජික හා හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු , බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු 14 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරු පවසන්නේ වංචා සහගත චෝදනාවක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා වරදකරු කොට සේවයෙන් ඉවත්කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමනාකරුවෙකු දේශපාලන පළිගැනීමට ලක් වී ඇතැයි සඳහන් කරමින් ඔහුව යළි සේවයේ පිහිටුවන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර ඇති බවය.

කොමිසම විසින් සිදුකළ එම නිර්දේශය මුළුමනින්ම නීතියට පටහැනි බවද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
ඒ අනුව පෙත්සම ලබන 22 වෙනිදා සලකා බැලීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us