ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) ගිවිසුමට එළැඹීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කරයි

Published in පුවත්
Wednesday, 10 February 2021 14:25

මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත්ව තිබුණු නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ඉංජිනේරු සම්මේලනය ඇතුළු නායකයන් නියෝජනය කරන පාර්ශ්ව සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල විරෝධය හේතුවෙන් එම යෝජනාව 2018 ඔක්තෝබර් මාසයේදී හකුළා ගැනිණි. එසේ වෙතත් එට්කා ගිවිසුම බල ගැන්වීම සඳහා ඉන්දු – ලංකා දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට 12 ක් පවත්වා ඇත. මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් විදේශීය ශ්‍රමිකයන් අඩු වැටුප් යටතේ සීමාවකින් තොරව මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කරනු ඇතැයි චෝදනා එල්ල විය.

මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සූදානම පිළිබඳ ඊයේ (09 වැනිදා) පැවැත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් ක්‍රියාත්මක කළ හැකි ඕනෑම ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ රජය සලකා බලනු ඇති බවයි. ‘එට්කා’ ගිවිසුමට අමතරව දැනට ක්‍රියාත්මක ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ;ASFTA), පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA), ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) නැවත සමාලෝචනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත්ව තිබුණු නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ඉංජිනේරු සම්මේලනය ඇතුළු නායකයන් නියෝජනය කරන පාර්ශ්ව සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල විරෝධය හේතුවෙන් එම යෝජනාව 2018 ඔක්තෝබර් මාසයේදී හකුළා ගැනිණි. එසේ වෙතත් එට්කා ගිවිසුම බල ගැන්වීම සඳහා ඉන්දු – ලංකා දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට 12 ක් පවත්වා ඇත. මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් විදේශීය ශ්‍රමිකයන් අඩු වැටුප් යටතේ සීමාවකින් තොරව මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කරනු ඇතැයි චෝදනා එල්ල විය.

මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සූදානම පිළිබඳ ඊයේ (09 වැනිදා) පැවැත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘අරුණ’ විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් ක්‍රියාත්මක කළ හැකි ඕනෑම ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ රජය සලකා බලනු ඇති බවයි. ‘එට්කා’ ගිවිසුමට අමතරව දැනට ක්‍රියාත්මක ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ;ASFTA), පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA), ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) නැවත සමාලෝචනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us