මරණ දඬුවම පිළිබදව මෛත්‍රීගේ තීරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම දීර්ඝ කෙරේ  

Published in පුවත්
Friday, 12 February 2021 10:08

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන සැප්. 06 දා සලකා බැලීමට ඊයේ තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට පෙත්සම්වල කරුණු තහවුරු කරන ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබූ අතුරු තහනම් නියෝගයද ලබන සැප්තැම්බර් 07 දක්වා දීර්ඝ කෙරිණ. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට එරෙහිව පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරී, අධිකරණ ඇමැති, නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුලින් නම්කර තිබූ අතර පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද වග උත්තරකරුවකු කරන ලදී.

මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම් වැරදිවලට මරණ දඬුවම නියම වූ සිව් දෙනකු එල්ලා මරා දැමීමට අනුමැතිය ලබාදෙන ලියකියවිලිවලට තමා අත්සන් කළ බවත්, එල්ලා මරණ දිනයන්ද තීරණය කර ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත් වූ සාකච්ඡාවකදී 2019 වසරේදී ප්‍රකාශ කරන ලදී.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළේ ඉන් අනතුරුවයි.

පෙත්සම් බොහෝමයක සඳහන් කර ඇත්තේ වරදක් කළ තැනැත්තකු මිය යන තෙක් බෙල්ලෙන් එල්ලා තැබීම ශිෂ්ට සමාජයකට නොහොබිනා ම්ලේච්ඡ ක්‍රියාවක් බවත් ජනාධිපතිවරයා ගත් හිතුවක්කාරී තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඉන් 12(1), 112, 13(4) යන වගන්තිවලින් පිළිගෙන ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි පෙත්සම්වල සඳහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us