පුවත්පත් මණ්ඩලය උසාවියක් නොකර, විසුරුවා හැරිය යුතුයි. - වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්

Published in පුවත්
Friday, 12 February 2021 21:25

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර , විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ලට හේතු වී තිබේ.

අන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් ශ්‍රී ලංකාවෙහිද ජනමාධ්‍ය නියාමනයක් තිබිය යුතු බව අපිද පිළිගනිමු. එසේ නමුත් ඒවා රාජ්‍ය පාලිත නියාමනයක් නොව ජනමාධ්‍ය විසින්ම පවත්වා ගන්නා ස්වයං නියාමනයක් බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය අදහස් කරයි. ඒ සඳහා අප විසින් වෙබ් මාධ්‍යවේදී ආචාර ධර්ම පද්ධතියක් සකස් කොට ප්‍රසිද්ධ කර තිබේ.

වෙබ් මාධ්‍ය නියාමනය කිරීම සඳහා දෙසතියක් ඇතුළත එම නීති ප්‍රසිද්ධ කරන බව පසුගිය වසර අවසානයෙහි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රකාශ කරන ලද බව අපි සිහිපත් කරමු. තවද එම අවස්ථාවෙහි ඔහු කියා සිටියේ එම නීති සිංගප්පූරුවේ 2019 වසරෙහි පනවන ලද නීති අනුසාරයෙන් සකස් කරන ලද බවයි.

සිංගප්පූරුවෙහි පනවන ලද නීතිය ජනමාධ්‍ය නිදහස මර්දනය කිරීමක් බව අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධාන විසින් පෙන්වා දී තිබේ.

ආණ්ඩුව විසින් මෑතකදී පළකරන ලද දැන්වීමේ පුවත්පත් මණ්ඩලය පිළිබද සඳහන් වන්නේ ‘ ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට බලාපොරොත්තු වේ ‘ යනුවෙනි. එහෙත් මෙලෙස විනිශ්චය ආයතනයක් ලෙස වර්ධනය කිරීමට අදහස් කෙරෙන
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතු බවට මෙරට ජනමාධ්‍ය සංවිධාන දශකයකටත් වඩා කාලයක් උද්ඝෝෂණය කරමින් සිටිති.

ඊට හේතුව වන්නේ පුවත්පත් මණ්ඩලය ජනාධිපතිවරයාගේ අභිමතය අනුව පත් කෙරෙන ආයතනයක් වීමත් එය සතු අත්තනෝමතික බලතලත්ය. ඒක් නිදසුනක් නම් පුවත්පත් මණ්ඩලයට ජනමාධ්‍යවේදියකු දෙවසරක් තරම් කාලයකට සිරගත කළ හැකි අතර එහි නියෝග කවර හෝ අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකිය.

වර්ථමානයෙහි දී පුවත්පත් මණ්ඩලයේ සභාපතිගේ දේශපාලන භූමිකාව දෙස බලන විට එවැනි ආයතනයකට තව තවත් බලතල ලබාදීම මෙරට ජනමාධ්‍ය නිදිහසට එල්ලවනූ ඇති භයානක අනතුරක් ලෙස වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සළකයි.

ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී උත්සාහයට විරුද්ධවන ලෙස අප මෙරට සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ පුවත්පත් මණ්ඩලය විසුරුවා හැරීමට ඉඩ සළසන ලෙසත්,ජනමාධ්‍ය සඳහා විශ්වසනීය සහ පලදායි ස්වයං නියාමන යාන්ත්‍රණයක් සකස් කර ගැනීමට දායකවන ලෙසය.

පුවත්පත් මණ්ඩලය “ විනිශ්චය ආයතනයක් ” ලෙස වර්ධනය කිරීමට දරණ ආණ්ඩුවේ ප්‍රයත්නයට වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය සිය විරුද්ධත්වය මේ මගින් පළකරයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us