පැය 24ක් තුළ සියලු අවමංගල්‍ය කටයුතු අවසන් කල යුතුයි - චන්න ජයසුමන

Published in පුවත්
Tuesday, 16 February 2021 11:28

පැය 24ක් ඇතුළත සියලුම අවමංගල්‍ය කටයුතු සිදුකර අවසන් කල යුතු බවට පියවර ගෙන ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර තිබේ. තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නව තීරණ ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බවයි ඔහු වැඩසටහනකට එක වෙමින් ප්‍රකාශ කර සිටියේ.

මේ පිලිබදව අදහස් දැක්වූ චන්න ජයසුමන ,

අපි තීරණයක් ගත්තා අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගීවෙන පිරිස් සඳහා යම් සීමාවක් සහ පැය 24ක් තුළ ඒ අවමංගල්‍ය කටයුතු සියල්ල නිමා කරන්න ඕනා කියන උපදෙස ලබාදීම සඳහා. ඒ වගේම තමයි මංගල උත්සව කටයුතු සඳහා සහ අනෙකුත් උත්සව ප්‍රියසම්භාෂණ කටයුතු සඳහා 150ක් දක්වා මේ වනතෙක් අවස්ථාවල ලබාදීලා තිබුණා. අපි ඒක 50ක් දක්වා නැවත අඩුකරලා තියෙනවා. නීතිමය වශයෙන් දැනුම්දීමක් කෙරේවි. විශේෂ අවධානයක් යොමුවෙලා තියෙනවා රාත්‍රී සමාජශාලා පිළිබඳව. ඒ වගේම විනෝදජනක කටයුතු සඳහා විවිධ ආකාරයේ එකතුවීම් පිළිබඳව. ඒ සඳහාත් හෙට සහ අනිද්දා දිනයේදී යම් සීමා පැනවේවි." යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us