නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය තහනම් - ජනාධිපති  

Published in පුවත්
Tuesday, 16 February 2021 13:07

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයෙන් පසු ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රතිඥාවක් ලබාදී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (16) පැවති අමාත්‍යමණ්ඩල මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

ජනාධිපතිවරයා එම ප්‍රතිඥාව පක්ෂ 10කට ලබාදී ඇති බවත් ඔහු එහිදී සඳහන් කර ඇත.

ඒ පිලිබදව අදහස් දැක්වූ අමාත්‍ය ගම්මන්පිල ,

“ජනාධිපතිතුමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට පක්ෂ 10කට පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. නව ව්‍යවස්ථාවේ කටයුතු ඉතාමත් වේගයෙන් සිදුවෙමින් පවතිනවා. වසරක් ඇතුළත නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අපිට පුළුවන් වේවි.” යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us